ගෝලාන් කඳුකරයේ යුදෙව් ජනාවාස ගොඩනැගීම ශක්තිමත් කිරීමට ඊශ්‍රායලය සැරසෙයි
2021-12-27 10:08:34
Share with:

ගෝලාන් කඳුකරයේ යුදෙව් ජනාවාස ගොඩනැගීම ශක්තිමත් කිරීමට ඊශ්‍රායලය සැරසෙයි_fororder_src=http___img1001.pocoimg.cn_image_poco_works_18_2017_0626_12_5157807020170626124320059_51578070&refer=http___img1001.pocoimg

ගෝලාන් කඳුකරයේ යුදෙව් ජනාවාස ගොඩනැගීම ශක්තිමත් කිරීම සඳහා ඊශ්‍රායලය ඇමරිකානු ඩොලර් මිලියන 300 කට වැඩි මුදලක් ආයෝජනය කරනු ඇත.

ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට් මහතා ඊයේ (26) මේ බව ප්‍රකාශ කළේය. එහි යුදෙව් ජනාවා‍ස ගොඩනැගීම ශක්තිමත් කොට ප්‍රාදේශීය ජනගහනය දෙගුණ කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 318ක් ආයෝජනය කරනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.

ගෝලාන් කඳුකරය යනු නිරිතදිග සිරියාවේ පටු තීරුවකි. ඊශ්‍රායලය 1967 දී එම උපායමාර්ගික ප්‍රදේශය අත්පත් කර ගත්තේය. ජාත්‍යන්තර ප්‍රජාව එම ප්‍රදේශය ඊශ්‍රායල භූමියක් ලෙසට පිළිගෙන නොමැත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 497 යෝජනාව පැහැදිලිව පෙන්වා දෙන්නේ ඊශ්‍රායලයේ නීති, අධිකරණ බලය සහ පරිපාලන ආයතන ගෝලාන් කඳුකරය මත පැටවීමට ගත් තීරණය "සම්පූර්ණයෙන්ම වලංගු නොවන අතර ඊට ජාත්‍යන්තර නීතිමය පිළිගැනීමක් නොමැති" බවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන