ඇමරිකාවේ ඊනියා "උයිගුර් ජාතිකයන් බලහත්කාරී ශ්‍රමයෙන් බේරාගැනීමේ පනත" සම්පූර්ණයෙන් ම වැරදි පනතක්
2021-12-26 15:54:17
Share with:

ඇමරිකාවේ ඊනියා "උයිගුර් ජාතිකයන් බලහත්කාරී ශ්‍රමයෙන් බේරාගැනීමේ පනත" සම්පූර්ණයෙන් ම වැරදි පනතක් බව චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්ත රජය පවසයි.

එම පනත හිරිහැර කිරීම්, අසාධාරණ තර්ක මෙන්ම නව සීතල යුධ මානසිකත්වයක් නිර්මාණය කරන්නක් වන අතර එය සම්පූර්ණයෙන් ම වැරදි බව චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්ත රජයේ ප්‍රකාශකයා ඊයේ (25) මාධ්‍ය හමුවකදී පැවසීය.

කවර හෝ ජාතියකට අයත් ජනවර්ගයන්ට වෙනස්කම් කිරීමට ෂින්ජියං ස්වායත්තය දැඩිව විරෝධය දක්වන අතර සියලු ආකාරවල බලහත්කාරී ශ්‍රම යෙදවීම්වලට අවසර නොදෙන බව ද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. සියලු ජාතිකයන් විනීතව වැඩ කිරීම ෂින්ජියං ස්වායත්තය විසින් සහතික කර තිබේ. ෂින්ජියං හි සාධාරණ හා ස්වකීය අභිමත මූලධර්මයන් යටතේ, ෂින්ජියං හි සියලු ජනවර්ගවල‍ට අයත් කම්කරුවන් නීත්‍යනුකූලව කම්කරු ගිවිසුම් අත්සන් කළ බව ද හෙතෙම අවධාරණය කළේය. කම්කරුවන්ගේ වැටුප්, නිවාඩු, ආරක්ෂාව සහ සමාජ සුභසාධන ඇතුළු විවිධ අයිතීන් සහතික කර ඇති අතර ඔවුන්ගේ ආගමික නිදහස, ජාතික සංස්කෘතිය සහ භාෂාව යනාදිය ආරක්ෂා කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන