මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ක්‍රියාකාරී පියවර රැසක්
2021-12-26 16:15:18
Share with:

මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ක්‍රියාකාරී පියවර රැසක්_fororder_3b5e3489-5c706e81-ministry-of-defence_850x460_acf_cropped

මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ලබන වසර තුළ ක්‍රියාකාරී පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බළකාය විසින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා දෙයි.

මිනිස් ජාවාරම් මැඩලීම සඳහා විමර්ශන බලධාරීන් සහ බුද්ධි අංශ සමග සෘජු සම්බන්ධීකරණයෙන් වඩාත් ශක්තිමත් ආයතනික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා පසුගිය ජූලි මාසයේදී මෙම මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බළකාය පිහිටුවනු ලැබීය.

ඒ අනුව මේ වන විටත් මිනිස් වෙළෙදාම්, ජාවාරම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන