ආනයන තවදුරටත් සීමා කිරීමට යෝජනා කෙරේ
2021-12-26 16:17:16
Share with:

ආනයන තවදුරටත් සීමා කිරීමට යෝජනා කෙරේ_fororder_central bank

විදේශ සංචිත ප්‍රමාණය අඩුකර ගැනීම වලක්වා ගැනීමට ආනයන තවදුරටත් සීමා කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

විදේශ ආයෝජන වැඩි වශයෙන් ලබා ගැනීම, අපනයන ආදායම වැඩි කරගැනීම ,විදේශ රටවලට ඇදී යන විදේශ විනිමය අඩුකර ගැනීම ඇතුළු යෝජනා රැසක් මහ බැංකුව මුදල් අමාත්‍යංශයට යවා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර තීන්දුවක් ලබා ගත යුතුව ඇති බව ද මහබැංකුව මුදල් අමාත්‍යංශයට දන්වා ඇතැයි ආරංචි මාර්ග කියයි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන