දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව අඩුවෙයි
2021-12-26 16:18:42
Share with:

දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව අඩුවෙයි_fororder_download (4)

මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු වෙමින් පවතී.

පසුගිය දෙසැම්බර් 23 වන දින සිට ගතවූ දින 03 ක කාලය තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම 500 යේ සීමාවේ රැදී සිටීම විශේෂත්වයකි. මීට පෙර පසුගිය මාස කිහිපය තුළ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 600 සහ 700 සීමාවල පැවතිණ.

ඊයේ (25) දිනයේත් කොවිඩ් -19 ආසාදිතයින් 529 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 583,251 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 278 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 559,128 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන