ඇමරිකාව පැවැත්වූ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවේ රහස් දේශපාලන අරමුණු ඇති බව‍ට හෙළිවෙයි
2021-12-25 16:53:26
Share with:

ඇමරිකාව පැවැත්වූ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවේ රහස් දේශපාලන අරමුණු පවතින බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

Luo Guancong නමැති පුද්ගලයා හොංකොං පොලිසිය විසින්  හඳුනාගෙන ඇති අපරාධ සැකකරුවෙකි.මෙම අපරාධ සැකකරු සහ “හොංකොං බෙදුම්වාදීන්” සඳහා ඇමරිකාව විවෘත වේදිකාවක් ලබා දීම මගින් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව පිටුපස ඇති රහස් දේශපාලන අරමුණ හෙළිවිය. එය දේශපාලන මෙහෙයවීමක් හැර අන් කිසිවක් නොවන බව Zhao Lijian මහතා සඳහන් කළේය.

හොංකොං කටයුතු සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර ඊට කිසිදු විදේශීය රජයකට, සංවිධානයකට හෝ පුද්ගලයෙකුට මැදිහත් වීමට ඉඩ නොදෙන බව හෙතෙම අවධාරණය කළේය. හොංකොං ප්‍රයෝජනයට ගනිමින් චීනයේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධනයට හානි එල්ල කිරීමට දරන ඕනෑම උත්සාහයක් කිසිවිටෙක සාර්ථක නොවනු ඇතැයි Zhao Lijian මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන