කාලයට ගැලපෙන විශිෂ්‍ඨ නිර්මාණ බිහිකරන ලෙස චීන ජනාධිපතිවරයා ගෙන් චීන ජාතික රංග ශාලා කලාකරුවන්ට ඉල්ලීමක්
2021-12-25 18:43:45
Share with:

චීනයේ කතන්දර හොඳින් පවසන ලෙසත් කාලයට ගැලපෙන සහ ජනතාව‍ ගේ සැබෑ අපේක්ෂාවන්ට සරිලන වඩාත් වැඩි විශිෂ්‍ඨ නිර්මාණ බිහිකරන ලෙසත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීන ජාතික රංග ශාලා කලාකරුවන් ගෙන් ඉල්ලීමක් කරයි.චීන ජාතික රංගශාලාව පිහිටුවීමේ 20වන සංවත්සරය වෙනුවෙන් එහි කලාකරුවන් වෙත පිළිතුරු ලිපියක් ‍යොමු කරමින් චීන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රවල චීන කොමියුනිස්ට් පක්ෂයේ මාර්ගෝපදේශ ක්‍රියාවට නැංවීමට කලාකරුවන් ගත් උත්සාහයන් මෙන්ම චීනයේ සාහිත්‍ය හා කලාවේ අභිවෘද්ධිය හා සංවර්ධනය සඳහා ඔවුන් ගෙන් ලද  දායකත්වය චීන ජනාධිපතිවරයා සිය ලිපියෙන් ප්‍රශංසාවට ලක්කරයි.කාලානුරූප ක්‍රියාමාර්ගයන් මගින් ජනතාවගේ ස්ථාවරයන් මත  පිහිටා ක්‍රියා කරමින් නව යුගයේ සාහිත්‍ය හා කලාවේ සංවර්ධනය හා සෞභාග්‍ය වෙනුවෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ද හෙතෙම තම ලිපියෙන් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන