ඇමරිකාවේ කොරොනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ දරුවන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට
2021-12-25 16:50:43
Share with:

ඇමරිකාවේ කොරොනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ දරුවන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස  ඉහළට_fororder_imrs

ඇමරිකාවේ කොරොනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ දරුවන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යයි.

ඇමරිකාවේ Washington Post පුවත්පත ඊයේ (24) නිකුත් කළ වාර්තාවකට අනුව, මෙම සතියේ දී දෛනිකව ඇමරිකාවේ දරුවන් 800ක් පමණ කොරොනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කෙරිණ. Ohio, Texas, Pennsylvania සහ New York යන ජනපද 4රේ දරුවන්ට ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයෙන් එල්ල වූ බලපෑම් දරුණු බව එහිදී සඳහන් කර ඇත.

Washington Post පුවත්පතේ    විශ්ලේෂණයට අනුව, පසුගිය 23 වනදා සමස්ත ඇමරිකාවේ දරුවන් 1987 දෙනෙකු නව කොරොනා වෛරස ආසාදිත බවට තහවුරු කිරීම හෝ ආසාදිත බවට සැක පළවීම හේතුවෙන් හෝ රෝහල් වලට යොමු කර ඇත. එම දෛනික සංඛ්‍යාව, පසුගිය දින 10ක් තුළ සියයට 31කින් වැඩි වීමකි. ඇමරිකානු ළමා රෝග ඇකඩමියේ දත්තයන්‍ට අනුව, වසංගතය මතු වීමේ සිට මේ දක්වා නව කොරොනා වෛරසය ආසාදිත බවට තහවුරු කෙරුණු ඇමරිකානු දරුවන් හා යෞවනයන් සංඛ්‍යාව මිලියන 7.4කට ආසන්නය.පසුගිය සතියේ පමණක් එම සංඛ්‍යාව එක් ලක්ෂ හැත්තෑ දහසකින් වැඩි වී තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන