ශ්‍රී ලංකාව සහ ඉරානය අතර විශේෂ භාණ්ඩ හුවමාරු ගිවිසුමක්
2021-12-25 17:15:32
Share with:

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර විශේෂ භාණ්ඩ හුවමාරු ගිවිසුමකට අත්සන් තැබේ. තෙල් සඳහා තේ නමැති භාණ්ඩ හුවමාරු වැඩපිළිවෙල සඳහාවූ අවබෝධතා ගිවිසුමට අත්සන් කළ බව විදේශ අමාත්‍යංශය පවසයි. ඒ ශ්‍රී ලංකාව සහ ඉරානය අතරය.

මෙය ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාතික ඉරාන තෙල් සමාගම වෙත ලබාදිය යුතු හිඟ මුදල් ගෙවීමේ වැඩපිළිවෙලක් අරමුණු කරගනිමිනි.

ශ්‍රී ලංකා වැවිලි අමාත්‍යංශය සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළෙඳ අමාත්‍යංශය අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන