චීනයේ සහනාධාර ඇෆ්ගනිස්ථානයේ පළාත් 34 කට
2021-12-25 16:24:00
Share with:

චීනයේ සහනාධාර ඇෆ්ගනිස්ථානයේ පළාත් 34 කට_fororder_TIM截图20211225144820

චීන රජය ඇෆ්ගනිස්ථානයට ලබාදුන් මානුෂීය ආධාර එරට පළාත් 34 කට බෙදාදීම සිදු කෙරේ.

ඇෆ්ගනිස්ථාන තාවකාලික රජයේ සරණාගත කටයුතු පිළිබඳ අමාත්‍යංශය ඊයේ (24) චීන ආධාර භාණ්ඩ බෙදා දීමේ උත්සවය කාබුල් අගනුවර දී පැවැත්වීය. සරණගතායන් පිළිබඳ වැඩ බලන ඇමති Khalil Haqqani මහතා එම උත්සවයට එක් විය.

ඉකුත් 21 වැනිදා චීන රතු කුරුස සංවිධානය ඇෆ්ගනිස්ථාන රතු අඩසඳ සමාජයට චීන යුවාන් කෝටියක වටිනාකමෙන් යුත් සහනාධාර ද්‍රව්‍ය පරිත්‍යාග කළේය. වෛද්‍ය, ජන ජීවිත හා අධ්‍යාපන ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහනාධාර ද්‍රව්‍ය ඊට ඇතුළත් වෙයි.  සුළු හෝ ප්‍රමාදයකින් තොරව එම සහනාධාර ද්‍රව්‍ය කඩිනමින් රටේ පළාත් 34 ක අසරණ ජනතාවට බෙදා දෙන බව Khalil Haqqani මහතා එහිදී පැවසීය.

චීනය ඇෆ්ගනිස්ථානයේ මිත්‍ර අසල්වැසියෙක් බව Khalil Haqqani මහතා චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය. එම ආධාර ඇෆ්ගනිස්ථානයට ඉතාමත් වැදගත් වන අතර එය තම රජයේ ඉහළ ඇගයීමට ලක්වන බව ද හෙතෙම කියා සිටියේය.

චීනයේ සහනාධාර ඇෆ්ගනිස්ථානයේ පළාත් 34 කට_fororder_TIM截图20211225144850

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන