‍‍ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට බාධා
2021-12-25 17:07:08
Share with:

වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහාලුම්  30% ක පමණ ප්‍රමාණයක් නිදහස් කරගෙන ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීම හේතුවෙන් වරායේ සිර වී ඇති බහාලුම් නිදහස් කර ගැනීමේ කටයුතු ප්‍රමාද වී ඇති බව එම සංගමය පෙන්වාදෙයි.

වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවට පසුගියදා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශ කර තිබුණ ද මෙතෙක් අදාළ ප්‍රතිපාදන හිමිව නොමැති බව සඳහන් වේ.

මේ හේතුවෙන් බැංකු මගින් ඩොලර් නිකුත් කරනු ලබන ක්‍රමවේදය අනුව බහාලුම් නිදහස් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන