බංග්ලාදේශයේ මගී ප්‍රවාහන යාත්‍රාවක ඇතිවූ ගින්නකින් ජීවිත හානි
2021-12-25 16:55:55
Share with:

බංග්ලාදේශයේ මගී ප්‍රවාහන යාත්‍රාවක ඇතිවූ ගින්නකින් ජීවිත හානි_fororder_A2A164BB4C15A7016BDFA8AE8BEE3DBD22E20600_size214_w1024_h657

බංග්ලාදේශයේ මගී ප්‍රවාහන යාත්‍රාවක ඇතිවූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.තවත් 200 දෙනෙක් තුවාල ලබා සිටිති.ඩකා නුවරට දකුණින් පිහිටි ‍ජලොකාටි දිස්ත්‍රික්කයේ දී අනතුර සිදුව ඇත.අනතුර සිදුවන විට එහි පුද්ගලයෝ 1000ක් පමණ ගමන් කරමින් සිටියහ.එරට වේලාවෙන් අළුයම තුනට පමණ යාත්‍රාවේ එන්ජින් කාම‍රයෙන් ගින්න හටගෙන තිබේ.සිද්ධිය වනවිට බොහෝ මගීන් නින්දේ පසුවූ බව නිලධාරීහූ පවසති.සිද්ධියෙන් විදේශිකයන්ට හානි සිදුවී ඇති බවට මෙතෙක් වාර්තා වී  නොමැත.නියමිත ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් යාත්‍රාවේ ගමන් කරමින් සිට ඇති බවට‍ හෙළිවී ඇත.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන