කාබනික වගාව සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි වැඩ පිළිවෙළක්
2021-12-25 17:12:46
Share with:

කාබනික වගාව සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කරයි.

දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක කාබනික පොහොර නිෂ්පාදනය, තත්ත්ව පාලන හා සැපයුම් ජාල කළමනාකරණ අනු කමිටුව කෘෂිකර්ම අමාත්‍යංශයේ දී රැස්විය.

කාබනික වගාව සඳහා හඳුන්වා දුන් ජෛව දියර පොහොර මෙන්ම අනෙකුත් පොහොර සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය ගිලිහී යාම සම්බන්ධව හා ඉදිරි වගා කටයුතු වල දී කාබනික වගාවට ගොවි ජනතාව යොමු කරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව එහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන