මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට නව වැඩ පිළිවෙලක් කෙරෙහි අවධානය
2021-12-24 17:14:46
Share with:

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වින්දිතයින් වන බැවින්, ඔවුන් සිර ගත කිරීම වෙනුවට පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කළ යුතු බව අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධව වාර්තා ලබාදීමේ දී මාස 8 ක පමණ කාලයක් ගත වූ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ලබාදීමේ කාලය මසක කාලයක්  දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බවත්, එය සති දෙකක කාලයක් දක්වා අඩු කිරීම අපේක්ෂිත බවත් ඇමතිවරයා කීවේය.      

අධිකරණ ඇමතිවරයා  මෙම අදහස් පළ කළේ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ නව ආඥාලාභී තොරතුරු කළමණාකරණ පද්ධතිය, නව වෙබ් අඩවිය, නිල ලාංඡනය  හා නිල ගීතය ජන ගත කිරීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමිනි .

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන