රට තුළ ආහාර හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම ඇමති කියයි
2021-12-24 17:13:56
Share with:

මහ කන්නයේ වී අස්වැන්නේ අඩුවීම 25% ක් හෝ 30%ක් වනු ඇති බැවින් රට තුළ ආහාර හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එළවළු හා අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා අවසර දී ඇත. එම පොහොර තොග ජනවාරියේ ලැබෙන බැවින් එළවළු හා අනෙකුත් බෝගවල හිඟයක් ද ඇති වීමට ඉඩක් නොමැති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දිවයින පුරා සේවය කරන කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරු හා පළාත් කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරු ඇතුළු කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹ පැවති වැඩමුළුවේ දී දිවයිනපුරා මහ කන්නයේ වගා කර ඇති කුඹුරු ඉඩම් පිළිබඳ තොරතුරු ලබා ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන