නත්තල් සමය හා අලුත් අවුරුදු උදාව සමග කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක්
2021-12-24 17:16:41
Share with:

නත්තල් සමය හා අලුත් අවුරුදු උදාව සමග කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ආරක්ෂාව තර කෙරේ. මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට මේ සම්බන්ධයෙන් උපදෙස් දී ඇත. මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන හා ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කෙරේ. ජනාකිර්ණ ස්ථානවල සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යෙදවීමට ද පියවර ගෙන ඇත.

උත්සව සමයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන