රුසියානු-චීන සබඳතාව, 21වැනි සිය‍වසේ රටවල් අතර සහයෝගීතා සඳහා වන ආදර්ශය බව රුසියානු ජනපති කියයි
2021-12-24 11:31:12
Share with:

රුසියානු-චීන සබඳතාව, ජාත්‍යන්තර වශයෙන් වැදගත් හා ස්ථාවර සාධකයක් බව රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පවසයි.

රුසියානු-චීන සබඳතාව, 21වැනි සිය‍වසේ රටවල් අතර සහයෝගීතා  සඳහා වන ආදර්ශය බව  රුසියානු ජනපති කියයි_fororder_23225157r2rf

ඊයේ(23) මොස්කව් හි පැවති වාර්ෂික මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේ ය.

රුසියානු-චීන සබඳතාව, 21වැනි සිය‍වසේ රටවල් අතර සහයෝගීතා  සඳහා වන ආදර්ශය බව  රුසියානු ජනපති කියයි_fororder_23225047514y

Putin මහතා එහිදී පෙන්වා දුන්නේ, ඇමරිකාව ඇතුළු රටවල් බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වීමට නිලධාරීන් සහභාගි නොකිරීම වැරදි හා පිළිගත නොහැකි කාරණයක් බවයි. සිය මතය අනුව ‘ චීනයේ සංවර්ධනය මැඩපැවැත්වීමට තැත්කිරීම ’ ඇමරිකාවේ යටි අරමුණයි. කෙසේ වෙතත්, චීනයේ සංවර්ධනයට බාධා එල්ල කළ නොහැකි බව ඇමරිකාව ප්‍රත්‍යක්ෂ කර ගත යුතු බව ජනපතිවරයා පෙන්වාදෙයි.

රුසියානු-චීන සබඳතාව ‘ 21වැනි සිය‍වසේ රටවල් අතර සහයෝගීතා පැවැත්වීම සඳහා වන ආදර්ශය ’ බව Putin මහතා මෙහිදී අවධාරණය කළේය. චීනය, රුසියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර දෙරටේ වෙළඳ වටිනාකම ඇ.ඩො. බිලියන 100 ඉක්මවා ඇත. එය නව කොරොනා වසංගතයට පෙර පැවති මට්ටම ද අභිභවා යාමකි. දැනට, රුසියාව, චීනය සමග එක්ව, ආරක්ෂාව, න්‍යෂ්ටික බලශක්තිය, අභ්‍යවකාශ, අධි විද්‍යා හා තාක්ෂණ, යෞවන කටයුතු, අධ්‍යාපනය, සංස්කෘතිය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා සහයෝගීතා පවත්වා ඇති බව ද Vladimir Putin ජනාධිපතිවරයා කියාසිටී.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන