ඇෆ්ගනිස්ථානයට මානුෂවාදී සහය සැපයීමේ තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කරයි
2021-12-23 10:46:50
Share with:

ඇෆ්ගනිස්ථානයට මානුෂවාදී සහය සැපයීමේ තීරණය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කෙරේ.

ආර්ථීකය කඩා වැටීමේ දැඩි අවදානමක පසුවන ඇෆ්ගනිස්ථානයට මානුෂවාදී සහය සැපයීමේ තීරණය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(22) සම්මත කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය, වඩාත් ප්‍රබල සම්බන්ධීකරණ දායකත්වයක් සැපයීම සඳහා චීනයට අනුබල දෙන බවයි. ඇෆ්ගනිස්ථානයට සහය ලබා දීම ශක්තිමත් කරන ලෙසත්, එරටට පැනවූ සම්බාධක ඉවත් කරන ලෙසත්, චීනය සියලු රටවලින් ඉල්ලා සිටී.  කොන්දේසි විරහිතව මානුෂවාදී සහය ලබා දිය යුතු අතර එය කිසිසේත් දේශපාලනීකරණය නොකළ යුතු ය. එසේම,  සක්‍රීය ලෙස මූල්‍ය සහය සපයන ලෙස ද Zhang Jun මහතා මේ වැඩපිළිවෙළට එක්ව සිටින ප්‍රධාන රටවලින් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන