ආර්ථික ස්ථාවරත්වයට හිතකර ප්‍රතිපත්ති සක්‍රීයව හඳුන්වා දිය යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ආර්ථික කාර්ය සමුළුව අවධාරණය කරයි
2021-12-10 19:55:51
Share with:

ආර්ථික ස්ථාවරත්වයට හිතකර ප්‍රතිපත්ති සක්‍රීයව හඳුන්වා දිය යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ආර්ථික කාර්ය සමුළුව අවධාරණය කරයි_fororder_1128152219_16391389830921n

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ආර්ථික කාර්ය සමුළුව පැවැත්වේ.

සමුළුව පසුගිය 8වැනිදා සිට 10වැනිදා දක්වා බෙයිජිංහි පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින් පිං මහතා එම සමුළුවට එක් වෙමින් වැදගත් දේශනයක් පැවැත්වීය. හෙතෙම සමුළුවේදී 2021 දී ආර්ථික කටයුතු සාරාංශ කර, වත්මන් ආර්ථික තත්ත්වය විශ්ලේෂණය කරමින් 2022 දී ආර්ථික කටයුතු නියම කළේය.

චීනය ආර්ථිකයේ ඔරොත්තු දීමේ ශක්තිමත් හැකියාව සහ දිගු කාලීන දියුණුවේ මූලික ප්‍රවණතාව වෙනස් නොවන බව එම සමුළුව පෙන්වා දුන්නේය.

මේ වසරේ අධි ගුණාත්මක සංවර්ධනය නව ප්‍රතිඵල රැසක් ලබා ගෙන ඇති අතර 14වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්ම කිරීමේ මනා ආරම්භයක් සාක්ෂාත් කර ඇති බව සමුළුව අදහස් කරයි.

2022 වසරේ ආර්ථික ප්‍රගතිය ස්ථාවර විය යුතු බවත්, සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමේ වගකීම විවිධ ප්‍රදේශවල අදාළ දෙපාර්තමේන්තු විසින් දැරිය යුතු අතර ආර්ථික ස්ථාවරත්වයට හිතකර ප්‍රතිපත්ති සක්‍රීයව හඳුන්වා දිය යුතු බවත් එම සමුළුව ඉල්ලා සිටියේය.

2022 දී ග්‍රාමීය පුනර්ජීවනය සම්පූර්ණයෙන් ප්‍රවර්ධනය කරමින් පොදු සමෘද්ධිය ක්‍රමානුකූලව සාක්ෂාත් කිරීමට පියවර ගත යුතු බව එහිදී අවධාරණය‍ කෙ‍රිණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන