සහල් ආනයනයට අවසර දියයුත්තේ, යල කන්නයේ වී අස්වැන්න පුරෝකථනය කිරීමෙන් පසුව බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව කියයි
2021-12-04 19:22:26
Share with:

සහල් ආනයනයට රජය නැවතත් අවසර ලබාදෙන්නේ නම් යල කන්නයේ වී අස්වැන්න පිළිබඳව නිසි පුරෝකථනයක් කිරීමෙන් අනතුරුව පමණක් එය සිදුකළ යුතු බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෝ නිර්දේශ කරති.  එම කාරක සභාවේ විශේෂ රැස්වීමකට එක්වූ එහි  සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා  පෙන්වා දුන්නේ දේශීය වී ගොවියාට සාධාරණ මිලක් මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලකට ගුණාත්මක සහල් ලබාදීම සඳහා මෙම තත්වය තාර්කිකව විශ්ලේෂණය කර පුරෝකථනවලට එළඹිය යුතු බවයි.

මෙම අවස්ථාවට එක්වූ ආනයන අපනයන අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සඳහන් කළේ දැනට ලැබී ඇති දත්තවලට අනුව අපේක්ෂිත යල අස්වැන්න ගියවර මෙන් මෙවරද තුනෙන් දෙකක්වීමට ඉඩ ඇති බවයි. බලපත්‍ර රහිතව සහල් ආනයනයට ඉඩදීමෙන් දේශීය ගොවීන්ට මුහුණපෑමට සිදුවන අසීරුතා වැළැක්වීමට මුදල් අමාත්‍යංශය මැදිහත් වියයුතු බව මෙම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන