චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවසක ඉතිහාසය පිළිබඳ තුන්වැනි සන්ධිස්ථානගත තීරණ ප්‍රකාශයට පත් කිරීම සියවස් අරගලයේ මෙන්ම චීන ඉතිහාස වංසකතාවේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක්
2021-11-12 10:36:52
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවසක ඉතිහාසය පිළිබඳ තුන්වැනි සන්ධිස්ථානගත තීරණ එළිදැක්වීම සියවස් අරගලයේ මෙන්ම චීන ඉතිහාස වංසකතාවේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක්_fororder_2021-11-12 1

දින 4ක් පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ හයවැනි පූර්ණ සැසිවාරය සාර්ථකව නිමාවට පත්වෙයි. ඊයේ (11) බෙයිජිංහිදී අවසන් වූ සැසියේ දී  චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වැදගත් දේශනයක් ඉදිරිපත් කළේය." පක්ෂයේ සියවසේ අරගලයෙන් ලැබූ දැවැන්ත ජයග්‍රහණ සහ ඓතිහාසික අත්දැකීම් පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය" සහ " චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික සම්මේලනය පැවැත්වීම පිළිබඳ තීරණය" එම සැසිවාරයේදී සම්මත කරනු ලැබිණ.

1921 වසරේ ස්ථාපිත චීන කොමියුනිස්ට් පක්ෂය සෑම විටම චීන ජනතාවට සුබසෙත සැලසීම සහ චීන ජාතියේ පුනර්ජීවනය සාක්ෂාත් කිරීම සිය ප්‍රධාන මෙහෙවර ලෙස සලකයි. සෑම විටම කොමියුනිස්ට් පරමාදර්ශ සහ සමාජවාදී විශ්වාසයන් පිළිපදින එම පක්ෂය, ජාතික නිදහස, ජනතා විමුක්තිය, රටේ සමෘද්ධිය සහ ජනතාවගේ සතුට සාක්ෂාත් කර ගැනීම සඳහා චීනයේ සියලුම ජනවර්ග මෙහෙයවමින් ප්‍රබල ප්‍රයත්නයක නිරතව සිටින බව එම සැසිවාරයෙහි දී අවධාරණය කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවසක ඉතිහාසය පිළිබඳ තුන්වැනි සන්ධිස්ථානගත තීරණ එළිදැක්වීම සියවස් අරගලයේ මෙන්ම චීන ඉතිහාස වංසකතාවේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක්_fororder_2021-11-12 2

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ 6 වන පූර්ණ සැසිවාරය, නව ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කාලපරිච්ඡේදය සහ සමාජවාදී විප්ලවයේ හා සංවර්ධන කාලපරිච්ඡේදය තුළ මාඕ සේතුං මහතා ප්‍රධාන නියෝජිතයා වශයෙන් වූ චීන කොමියුනිස්ට්වාදීන් ලබා ඇති ඓතිහාසික ජයග්‍රහණ හා අත්දැකීම් ඉහළින්ම  අගය කරයි.

චීනය බේරා ගත හැක්කේ සමාජවාදයට පමණක් බවත්, චීනය දියුණු කළ හැක්කේ සමාජවාදයට පමණක් බවත් චීන කොමියුනිස්ට් පක්ෂය සහ චීන ජනතාව නිර්භීත හා නොසැලෙන අරගලයක නිරතව ලෝකයට ප්‍රකාශ කරති.

ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය වත්මන් චීනයේ අනාගතය හා ඉරණම තීරණය කිරීමේ ප්‍රධාන පියවරක් වන අතර චීන ලක්ෂණ සහිත සමාජවාදී මාවත චීනයේ සංවර්ධනයට හා සමෘද්ධියට මඟ පෙන්වන නිවැරදි මාවත බව මෙවර පූර්ණ සැසිවාරයේ දී අවධාරණය කෙරිණ.

ඩෙන් ෂියාඕපිං මහතා ප්‍රධාන නියෝජිතයා වශයෙන් වූ චීන කොමියුනිස්ට්වාදීන් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය යන ඓතිහාසික තීරණය ගෙන චීන ලක්ෂණ සහිත සමාජවාදය සාර්ථකව නිර්මාණය කළ බව එහිදී පෙන්වා දෙනු ලැබීය. ච්‍යාං සේමින් මහතා ප්‍රධාන නියෝජිතයා වශයෙන් වූ චීන කොමියුනිස්ට්වාදීන්, සංකීර්ණ දේශීය හා ජාත්‍යන්තර තත්වය හා ලෝක සමාජවාදයේ බරපතල විකෘති කිරීමට මුහුණ දීමේදී  චීන ලක්ෂණ සහිත සමාජවාදය ආරක්ෂා කොට සම්පූර්ණ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවයේ නව අදියරක් නිර්මාණය කොට තිබේ. හූ ජින්ටාඕ මහතා ප්‍රධාන නියෝජිතයා වශයෙන් වූ චීන කොමියුනිස්ට්වාදීන් නව තත්ත්වය යටතේ චීන ලක්ෂණ සහිත සමාජවාදය සාර්ථක ලෙස පවත්වා ගෙන වර්ධනය කර ඇතැයි ද සැසිවාරයේදී සඳහන් කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවසක ඉතිහාසය පිළිබඳ තුන්වැනි සන්ධිස්ථානගත තීරණ එළිදැක්වීම සියවස් අරගලයේ මෙන්ම චීන ඉතිහාස වංසකතාවේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක්_fororder_2021-11-12 3

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ සිට, චීන ලක්ෂණ සහිත සමාජවාදය නව යුගයකට පිවිසෙන බව, ඊයේ නිමාවට පත් වූ පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ 6 වැනි පූර්ණ සැසිවාරය අවධාරණය කරයි.

ෂී ජින් පිං මහතා කේන්ද්‍රීය ලෙස සැලකෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, චීනයේ දිගු කලක් තිස්සේ විසඳා ගැනීමට අවශ්‍ය වූ නමුත්, නොවිසඳුණු බොහෝ ගැටලු විසඳා අවසන් කර තිබේ. එසේම චීනයේ මීට කලින් ඉටුකිරීමට අවශ්‍ය නමුත් අවසන් නොකළ වැදගත් කාර්යයන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉටු කර තිබේ. පක්ෂයේ සහ රජයේ සංවර්ධන කාර්යයන්ට ඉතිහාසගත ජයග්‍රහණ ලබා ගැනීම සහ ඓතිහාසික වෙනස්කම් සිදු වීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ප්‍රවර්ධනය කර තිබේ.

ෂී ජින් පිං මහතා යනු ෂී ජින් පිං නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී චින්තනයේ ප්‍රධාන නිර්මාතෘවරයා බව, එම සැසිවාරය අවධාරණය කළේ ය.

ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ කේන්ද්‍රීය ධුරයට හා සමස්ත පක්ෂයේ කේන්ද්‍රීය ධුරයට ද  පක්ෂය විසින් පත් කර තිබේ. එසේම ෂී ජින් පිං නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී චින්තනයේ මාර්ගෝපදේශක තනතුර ද  පිරිනමා ඇත.

මෙය නව යුගයේ පක්ෂයේ සහ රටේ සංවර්ධනය සඳහා මෙන්ම, චීන ජාතියේ මහා පුනර්ජීවනයේ ඓතිහාසික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ද, තීරණාත්මක වැදගත්කමක් දරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවසක ඉතිහාසය පිළිබඳ තුන්වැනි සන්ධිස්ථානගත තීරණ එළිදැක්වීම සියවස් අරගලයේ මෙන්ම චීන ඉතිහාස වංසකතාවේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක්_fororder_2021-11-12 5

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවසක අරගලය චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා නිවැරදි මාවත විවර කර ඇතැයි පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ 6වැනි පූර්ණ සැසිය අවධාරණය කරයි. අරගලයේ ඓතිහාසික වැදගත්කම විවරණය කරමින් මේ බව පෙන්වා දී ඇත. සංවර්ධිත රටවල වසර සියවස් ගණනාවක කාර්මීකරණ ක්‍රියාවලිය දශක කිහිපයකින් සම්පූර්ණ කර ඇති චීනය, වේගවත් ආර්ථික සංවර්ධනය සහ දිගුකාලීන සමාජ ස්ථාවරත්වය යන ආශ්චර්යයන් ද්විත්වය  නිර්මාණය කළේය.

වසර 100 තුළ චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාව මෙහෙයවා, මහා අරගලයකට යොමු කර ඇති අතර, වටිනා ඓතිහාසික අත්දැකීම් සමුච්චයක් ලබා ඇති  බව මෙම සැසිවාරයේ සඳහන් කෙරිණ. ජනමනස තුළ කාවැද්දූ එම අත්දැකීම්වල ප්‍රධාන මූලධර්ම 10ක් අන්තර්ගත වේ. එනම්:චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට ඇති නැමියාව, ජනතාවට සෑමවිටම ප්‍රමුඛතාව හිමිවීම, න්‍යායික නවෝත්පාදනයන්ට යොමුවීම, ස්වාධීනත්වයට හා ස්වයං පාලනයට ඇති පිළිගැනීම, චීන මාවතට ඇලී සිටීම, ලෝකය මනසේ තබා ගැනීම, පුරෝගාමී සහ නව්‍යකරණයන්ට යොමුවීම, සටන් කිරීමේ නොසැලෙන ධෛර්යය, එක්සත් පෙරමුණට ඇලී සිටීම සහ ස්වයං විප්ලවයට ඇලී සිටීම යන ඓතිහාසික අත්දැකීම් දහය වේ.

නව ඉලක්ක කරා ගමන් කිරීමේදී චීන කොමියුනිස්ට් පක්ෂය සැමවිටම පෙර සේ අධිෂ්ඨාන සම්පන්නව කටයුතු කළ යුතු බව අවධාරණය කෙරේ.    

ඊයේ අවසන් වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ 6 වන පූර්ණ සැසිවාරයේදී මේ බව අවධාරණය කෙරිණ. ගත වූ සියවසක කාලය තුළ චීන කොමියුනිස්ට් පක්ෂය විශිෂ්ට ජයග්‍රහණ අත්කරගෙන තිබේ. චීනයේ දෙවන සියවසේ සංවර්ධන ඉලක්කය සපුරා ගැනීම සඳහා දැනට චීන කොමියුනිස්ට් පක්ෂය චීන ජනතාව සමග නව මාවතකට පිවිස සිටී. ජනතාව සමග සැමවිටම එකට සිටිය යුතු බවත්, ජනතාවගේ අවශ්‍යතා කේන්ද්‍ර කරගන්නා සංවර්ධන සංකල්ප ක්‍රියාවට නැංවිය යුතු බවත්, ජනතාවගේ මූලික යහපත රැකගැනීමට කටයුතු කළ යුතු බවත්, එම පූර්ණ සැසිවාරය පෙන්වා දී ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවසක ඉතිහාසය පිළිබඳ තුන්වැනි සන්ධිස්ථානගත තීරණ එළිදැක්වීම සියවස් අරගලයේ මෙන්ම චීන ඉතිහාස වංසකතාවේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක්_fororder_2021-11-12 8

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික නියෝජිත සම්මේලනය 2022 වසරේ දෙවන භාගයේ බෙයිජිං හිදී පැවැත්වීමට නියමිතව ඇතැයි ද ඊයේ අවසන් වූ සැසිවාරයේදී ප්‍රකාශයට පත් කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික නියෝජිත සම්මේලනය, එම පක්ෂය සමාජවාදී නවීන රටක් සම්පූර්ණයෙන් ම බිහි කරමින් දෙවැනි සියවසේ ඉලක්ක සාක්ෂාත් කිරීමේ ගමනේ, ඉතා වැදගත් නියෝජිත සම්මේලනයකි. එය චීන කොමියුනිස්ට් පක්ෂයටත්, රටේ දේශපාලන පැවැත්මටත් සන්ධිස්ථානගත සිදුවීමක් බව, සැසිවාරයේදී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන