සියලු ආකාරයේ අධිපතිවාදයට සහ බල දේශපාලනයට අධිෂ්ඨානශීලීව විරුද්ධ විය යුතුයි -චීන ජනපති
2021-10-25 13:21:46
Share with:

සියලු ආකාරයේ අධිපතිවාදයට සහ බල දේශපාලනයට අධිෂ්ඨානශීලීව විරුද්ධ විය යුතුයි -චීන ජනපති_fororder_be2d45fc4b83ad76a894efbcd96528cf (1)

චීන ජනතාව සැමවිටම එක්සත් ජාතීන්ගේ අධිකාරීත්වය  සහ ස්ථානය ආරක්ෂා කරන අතර, බහුපාර්ශ්වවාදයේ සැමවිටම නියැළී සිටින බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. ඔහු එසේ පැවසුවේ අද(25) පැවති  චීනය එක්සත් ජාතීන්ගේ නිත්‍යනුකූල ආසනය යළි ලබාගැනීමේ 50වැනි සංවත්සර සැමරුම් සමුළුව අමතමිනි.

චීනය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සහයෝගීතාව දිනෙන් දින ගැඹුරු වෙමින් පවතී. චීනය සැමවිටම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය අනුගමනය කරයි. චීනය, යුගයේ ප්‍රවණතාවයන්ට අනුකූල වන, චීන ලක්ෂණ සහිත මානව හිමිකම් සංවර්ධන මාවතකට අවතීර්ණ වී තිබේ. මෙය චීනයේ මානව හිමිකම් ප්‍රගතියට සහ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ස්ථාවරයන්ට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

වර්තමානයේ ගැටුම් සිදු කිරීමට වඩා සහයෝගිතාව අඛණ්ඩව පවත්වා ගත යුතු බවත්, සංවෘතභාවයට වඩා විවෘතභාවය අඛණ්ඩව පවත්වා ගත යුතු බවත්, හෙතෙම අවධාරණය කළේ ය.

අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ අඛණ්ඩව පවත්වා ගෙන යන අතර, සියලු ආකාරයේ අධිපතිවාදයට සහ බල දේශපාලනයට අධිෂ්ඨානශීලීව විරුද්ධ විය යුතු බව, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන