චීන මාධ්‍ය සමූහයේ ඔලිම්පික් නාළිකාව සහ ඩිජිටල් වේදිකාවට චීන ජනපතිගෙන් සුභ පැතුම්
2021-10-25 17:26:42
Share with:

චීන මාධ්‍ය සමූහයේ ඔලිම්පික් නාළිකාව සහ  ඩිජිටල් වේදිකාවට චීන ජනපතිගෙන් සුභ පැතුම්_fororder_17db7cff0fb6525

චීන මාධ්‍ය සමූහයේ ඔලිම්පික් නාළිකාව සහ එහි ඩිජිටල් වේදිකාවේ සමාරම්භය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින් පිං මහතා සුභ පැතුම් පිරිනමයි.

සුභ පැතුම් පණිවුඩයක් මගින් හෙතෙම පැවසුවේ ඔලිම්පික් නාළිකාව ඔලිම්පික් ව්‍යාපාරය හා සංස්කෘතිය පදනම් කර ගනිමින් වැඩසටහන් විසුරුවා හැරිය යුතු බවයි. චීන ක්‍රීඩා තොරතුරු ඉදිරිපත් කරමින්, චීනයට ආවේණික ක්‍රීඩා ජීවගුණය ව්‍යාප්ත කළ යුතු ය. ක්‍රීඩාව හා බැඳුණු අදහස් හුවමාරුව හා ජාත්‍යන්තර සහයෝගිතා තහවුරු කළ යුතු ය. චීනය හා ලෝකයේ විවිධ රටවල් අන්‍යෝන්‍ය වශයෙන් ශිෂ්ටාචාර අධ්‍යයනය හා ජනතාව අතර අදහස් හුවමාරුව ඉදිරියට ගෙන යාමට ඔලිම්පික් නාළිකාව ක්‍රියා කළ යුතු බව ද ෂී ජින් පිං මහතා සිය පණිවුඩය මගින් පෙන්වා දී තිබේ.

චීන මාධ්‍ය සමූහයේ ඔලිම්පික් නාළිකාව සහ එහි ඩිජිටල් වේදිකාවේ සමාරම්භය සනිටුහන් කළ උත්සවය අද(25) සවස බෙයිජිං නගරයේ දී පැවැත්විණ. එහිදී ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ සුභ පැතුම් පණිවුඩය ප්‍රකාශයට පත් කෙරිණ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතාගේ සුභ පැතුම් වීඩියෝවක් ද විසුරුවා හැරිණ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන