චීනය සහ බෙල්ජියම අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සැමරීම සඳහා දෙරටේ නායකයන් ගෙන් සුභ පැතුම්
2021-10-25 17:03:52
Share with:

චීනය සහ බෙල්ජියම අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සැමරීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ බෙල්ජියමේ Philip Leopold Louis Maria  රජු අද (25) සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගත්හ.

Philip රජු සමග එක්ව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සැමරීම ප්‍රයෝජනයට ගනිමින්  ද්විපාර්ශ්වික සබඳතාව ප්‍රවර්ධනය කිරීම මගින් චීන-යුරෝපා සබඳතා වර්ධනයට නව දායකත්වයක් ලබා දීම සඳහා වෑයම් කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

බෙල්ජියම සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවා ගත වූ වසර 50ක් තුළ බොහෝ ක්ෂේත්‍රවලදී එම සබඳතාව උපරිම දියුණුවක් අත්කරගෙන ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාවන් හී සාර්ථක ජයග්‍රහණ ලබා ගෙන ඇති බව Philip රජු පැවසීය. වත්මන් ශක්තිමත් පදනම මත බෙල්ජියම සහ චීනය අතර මිත්‍ර සබඳතාව තවදුරටත් ශක්තිමත් වේවායි හෙතෙම ප්‍රාර්ථනා කර තිබේ.

එදිනම චීන අග්‍රාමාත්‍ය ලී ක් ච්‍යාං මහතා සහ බෙල්ජියම් අගමැති Alexander De Croo මහතා සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගත්හ.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන