ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ දී සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බව ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳ ඇමරිකානු හිටපු විශේෂ නියෝජිතයා පවසයි
2021-10-25 11:57:00
Share with:

ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ දී සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බව ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳ ඇමරිකානු හිටපු විශේෂ නියෝජිතයා පවසයි_fororder_下载 (7)

දශක දෙකක යුධ මෙහෙයුමෙන් අනතුරුව ඇමරිකානු ප්‍රමිතියට ගැ‍ලපෙන ප්‍රජාතන්ත්‍රවාදය ඇෆ්ගනිස්ථානයේ ස්ථාපිත කිරීමට ඇමරිකාවට නොහැකි වූ බව ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳ ඇමරිකානු හිටපු විශේෂ නියෝජිත Zalmay Khalilzad මහතා පවසයි.

සෑම වසරකදීම ඇමරිකා හමුදාවට ඇෆ්ගනිස්ථානයේ දී වාසි සහගත තත්ත්වයන් අහිමි වූ බව ද ඔහු කීය. ඇමරිකාව ඇෆ්ගන් තලේබන් සංවිධානය සමග සාකච්ඡා පැවැත්වූයේ හමුදාමය වශයෙන් ඇමරිකාවේ අපේක්ෂිත ඉලක්ක ළඟාවීමට අසමත් වූ නිසාවෙන් බව ද ඊයේ(24) ඔහු විස්තර කර ඇත.

වසර 2001 ත්‍රස්ත විරෝධය දක්වමින් ඇමරිකාව විසින් ඇෆ්ගන් යුද්ධය ආරම්භ කොට එහි තලේබන් පාලනය පෙරළා දමනු ලැබීය. වසර 2020 පෙබරවාරි මාසයේ ඇමරිකාව තලේබන් සංවිධානය සමග ගිවිසුමකට අත්සන් තබමින් වසර 2021 මැයි මස පළමුදාට‍ පෙර ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදාව ඉවත් කරන බවට ප්‍රතිඥා දුන්නේය. පසුගිය අගෝස්තු මස 30 වනදා අවසාන ඇමරිකානු හමුදා කණ්ඩායම රැගත් ඇමරිකානු ප්‍රවාහක ගුවන් යානාවක් කාබුල්වලින් පිටත් වීම, ඇමරිකාවේ අන්ත පරාජයකින් ඇෆ්ගන් යුද්ධය නිමාවීම සනිටුහන් වූ බව විවිධ රටවල මාධ්‍ය වාර්තා කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන