නව කොරොනා එන්නත සාධාරණ ලෙස බෙදාහරින්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක්
2021-10-25 17:19:36
Share with:

නව කොරොනා එන්නත සාධාරණ ලෙස බෙදා හරින්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඉල්ලා සිටී.

ජර්මනියේ Berlin නගරයේ ඊයේ(24) පැවති, 13වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා මේ බව කියාසිටියේය. සමුළුවේ මෙවර තේමාව වන්නේත් ‘ නව කොරොනා වෛරසයෙන් පාඩම් ’ යන්නයි. ගෝලීය සෞඛ්‍ය විශේෂඥයෝ ඊට එක්ව සිටිති.

‘ එන්නත හා සම්බන්ධ ජාතිවාදය ’ මෙන්ම විශාල පරිමාණයෙන් එන්නත් එක්රැස් කිරීම  Guterres මහතා මෙහිදී  දැඩිව හෙළා දුටුවේ ය. එන්නත් සමබර නොවන ලෙස බෙදාහැරීම, මරණ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යාමට, සෞඛ්‍ය පද්ධති දැඩිව බිඳ වැටීමට, හා විශාල ආර්ථික දුෂ්කරතාවන්ට ද හේතුවිය හැකි බවට හෙතෙම අනතුරු ඇඟවීය.

‍13වැනි ලෝක සෞඛ්‍ය සමුළුව හෙට(26) දක්වා පැවැත්වෙයි. ජාත්‍යන්තර සංවිධාන හා විවිධ රටවල් නියෝජනය කරන නිලධාරීන් හා සෞඛ්‍ය විශේෂඥයෝ 300කට අධික පිරිසක් සමුළුවට එක් ව සිටිති.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන