එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතුවලට චීනයේ සහභාගීත්වය හා චීනයේ සංවර්ධන ජයග්‍රහණ පැසසුමට ලක් කෙරේ
2021-10-24 14:38:28
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතුවලට චීනයේ සහභාගීත්වය හා චීනයේ සංවර්ධන ජයග්‍රහණ පැසසුමට ලක් කෙරේ_fororder_ade7b9770cafc8ed6abb5a4d427feeaa

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතුවලට චීනයේ සහභාගීත්වය හා චීනයේ සංවර්ධන ජයග්‍රහණ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක Achim Steiner මහතාගේ පැසසුමට ලක් වේ.

දරිද්‍රතාව පිටුදැකීම පසුගිය දශක තුන හතර ඇතුලත චීනය ලද විශාලතම ජයග්‍රහණය බව චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදියෙකු සමග පැවති සාකච්ඡාවකදී Achim Steiner මහතා පැවසීය. මේ අතර දේශගුණික විපර්යාසයට මුහුණ දීමේ දී චීනය දැවැන්ත දායකත්වයක් ලබා දී තිබේ. චක්‍රීය බලශක්තිය ගවේෂණය හා අදාල වෙළඳපොලට ආයෝජනය කිරීම හේතුවෙන් එම නිෂ්පාදිත මිල පහළ ගොස් ඇත. වෙනත් රටවල චක්‍රීය බලශක්ති සංවර්ධනයට ඉන් වැඩි අවකාශයක් ලැබී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන චීනය සමග සමීප සහයෝගිතාවක් පවත්වා ඇත. චීනය රට දියුණු කර ගන්නා අතරම එක්සත් ජාතීන්ගේ වැඩකටයුතුවලටත් පුළුල් ලෙස එක් වී තිබෙන බව Achim Steiner මහතා කියා සිටියි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන