ශ්‍රී ලංකා ගුවන් හමුදාව කාබනික පොහොර නිෂ්පාදනය අරඹයි
2021-10-24 16:09:12
Share with:

සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව “හරිත රටක්- වස විසෙන් තොර හෙටක්” යන සංකල්පය යථාර්ථයක් බවට පත්කිරීම තුළින් නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් බිහිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කාබනික පොහොර නිෂ්පාදනය අරඹයි.

ගුවන් හමුදා කාබනික පොහොර නිෂ්පාදනය ව්‍යාපෘතිය, වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේ දී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් 22 වන දින ආරම්භ කෙරිණ.

ගුවන් හමුදා විධායක කෘෂි ඒකකයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතිය මගින් මූලික අදියරේදී කාබනික පොහොර ටොන් 25 පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කෘෂි ඒකකයන් හි ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට නියමිත අතර කෘෂිකර්ම අමාත්‍යංශය හරහා ගොවි මහතුන් වෙත ලබාදීමට ද නියමිතව තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන