මෙවර වසංගතය පැතිර යාමේ අවදානම වැඩි වෙමින් පවතින බව චීන ජාතික ‍සෞඛ්‍ය කොමිසම කියයි
2021-10-24 18:12:25
Share with:

මෙවර වසංගතය පැතිර යාමේ අවදානම වැඩි වෙමින් පවතින බව චීන ජාතික ‍සෞඛ්‍ය කොමිසම කියයි_fororder_b8389b504fc2d56246d72ca34e48c1e677c66c00

මෙවර වසංගතය පැතිර යාමේ අවදානම තවත් වැඩි වෙමින් පවතින බව චීන ජාතික ‍සෞඛ්‍ය කොමිසම පවසයි.

චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ රෝග පාලන දෙපාර්තමේන්තුවේ උප අධ්‍යක්ෂ Wu Liangyou මහතා අද(24) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, පසුගිය 17 වනදා සිට ඊයේ (23) දක්වා රටේ බොහෝ ප්‍රදේශවලින් සමස්තයක් ලෙස කොවිඩ්-19 ආසාදිතයින් 133 දෙනෙක් වාර්තා වූ බවයි. එම ආසාදිතයින් 133 දෙනා අතරින් 106 දෙනෙක්, සංචාරක කණ්ඩායම්වලින් පැතිරෙන වෛරස් දාමය හා සම්බන්ධ වී ඇත. පිටරටවලින් පැමිණි කොරොනා ආසාදිතයින් හේතුවෙන් මෙවර වසංගතය මතුව ඇති බව Wu Liangyou මහතා පැවසීය. මෙවර වෛරසය Delta ප්‍රභේදයට අයත් වන අතර ‍වසංගතය පැතිරීමේ අවදානම තවත් වැඩි වෙමින් පවතින බවද Wu Liangyou මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන