ඇමරිකාව ඇතුළු රටවල් 10ක තානාපතිවරුන් පිළිනොගන්නා බව තුර්කි ජනාධිපතිවරයා කියයි
2021-10-24 16:42:13
Share with:

ඇමරිකාව ඇතුළු රටවල් 10ක තානාපතිවරුන් පිළිනොගන්නා බව තුර්කි ජනාධිපතිවරයා කියයි_fororder_src=http___nimg.ws.126.net__url=http%3A%2F%2Fdingyue.ws.126.net%2F2021%2F1024%2Fa67de446j00r1gps30012c000o700e3g&thumbnail=650x2147483647&quality=80&type=jpg&refer=http___nimg.ws.126

ඇමරිකාව ඇතුළු රටවල් 10ක තානාපතිවරුන් පිළිනොගන්නා බව තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan මහතා ඊයේ(23) මේ බව ප්‍රකාශ කළේය. ඇමරිකාව, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ හා ස්වීඩනය ඇතුළු රටවල් 10ට අයත් තුර්කියේ පිහිටි තානාපති කාර්යාල පසුගිය 18 වනදා ඒකාබද්ධ ප්‍රකාශයක් පළ කරමින් තුර්කි ව්‍යාපාරික Osman Kavala කඩිනමින් නිදහස් කරන ලෙස තුර්කියෙන් ඉල්ලා  සිටියේය.

තුර්කි විදේශ අමාත්‍යංශය පසුගිය 19 වනදා එම තානාපතිවරුන් දස දෙනා කැඳවා ඔවුන් රාජ්‍යතාන්ත්‍රික රෙගුලාසි වලට පටහැනිව අධිකරණයේ නඩුවක් දේශපාලනීකරණය කළ බවට චෝදනා කළේය. එම තානාපතිවරුන් දසදෙනා තුර්කියේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වූ බවට එරට ජනාධිපති Recep Tayyip Erdogan මහතා විසින් විවේචනය කරනු ලැබ ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන