කහ ගංගාවෙන් ජයග්‍රහණ ලබා ගැනීම සඳහා චීන ජාතිකයන් අඛණ්ඩව උත්සාහ දැරිය යුතු බව චීන ජනපති කියයි
2021-10-23 14:35:03
Share with:

කහ ගංගාවෙන් චීන ජාතිකයන්ට වාසි ලබා ගැනීම සඳහා අඛණ්ඩව උත්සාහ දැරිය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කරයි.

ඊයේ(22) Shandong පළාතේ Jinan නගරයේදී පැවති කහ ගංගා නිම්නයේ ජෛව සුරක්ෂිතභාවය හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය තහවුරු කිරීම පිළිබඳ සාකච්ඡාවට එක්වූ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා මේ බව ප්‍රකාශ කළේය.කහ ගංගා නිම්නයේ ජෛව සුරක්ෂිතභාවය හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයේ වත්මන් තත්ත්වය පිළිබඳ විද්‍යත්මක පර්යේෂණ සිදු කරමින් අදාළ වැදගත් ප්‍රශ්න ගැන නිසි ආකාරයෙන් අවබෝධ කරගත යුතු බව හෙතෙම පැවසීය.එම වැඩකටයුතු වල ඉලක්කය ස්ථීර ලෙස අනුගමනය කරමින් සැබෑ උත්සාහයන් දැරිය යුතු ය.චීනයේ 14 වන පස් අවුරුදු සැලැසුම් කාලය හෙවත් 2021-2025 වසර තුළ,  කහ ගංගා නිම්නයේ ජෛව සුරක්ෂිතභාවය හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයේ කැපීපෙනෙන ප්‍රතිඵලය දිනා ගනිමින් සදාකාලික ජයග්‍රහණ ලබා ගැනීම සඳහා චීන ජාතිකයන් උත්සාහ දරනු ඇතැයි හෙතෙම එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන