"තායිවාන ස්වාධීනත්වයේ" නියැළී සිටින බලවේගයන්ට වැරදි සංඥා නිකුත් නොකරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2021-10-23 15:54:36
Share with:

"තායිවාන ස්වාධීනත්වයේ" නියැළී සිටින බලවේගයන්ට වැරදි සංඥා නිකුත් නොකරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි_fororder_src=http___nimg.ws.126.net__url=http%3A%2F%2Fdingyue.ws.126.net%2F2021%2F1023%2Ffd2a814fj00r1elij00frc000sg00izg&thumbnail=650x2147483647&quality=80&type=jpg&refer=http___nimg.ws.126

චීනය ඊනියා එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ 2758 වැනි යෝජනාව හිතමතාම භාවිත කරමින් චීනයේ තායිවාන පළාත එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරකම්වලින් බැහැර කර ඇතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පෙරදිග ආසියානු කාර්යාංශයේ නිලධාරියෙක් පසුගිය දා චෝදනා කළේය. එහෙත් මෙම මතය සත්‍ය නොසලකා හරිමින් “එකම චීනය” යන මූලධර්මය උල්ලංඝනය කිරීමක් වන අතර චීනයට බරපතල දේශපාලන ප්‍රකෝප කිරීමක් ද වන බව නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද (23) පෙන්වා දුන්නේය. චීනය මෙයට දැඩි ලෙස විරුද්ධ වන අතර දැනටමත් ඇමරිකාවට බැරෑරුම් නියෝජනයක් ඉදිරිපත් කර ඇතැයි ඔහු අවධාරණය කළේය.

ද්විපාර්ශ්වික සබඳතාව සහ තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය හා ස්ථාවරත්වය බරපතල ලෙස හානි කිරීම වැළැක්වීම සඳහා, එකම චීනය යන මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ 3 දැඩි ලෙස පිළිපදිමින්, "තායිවාන ස්වාධීනත්වයේ" නියැළී සිටින බලවේගයන්ට වැරදි සංඥා නිකුත් නොකරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයෙහි සඳහන් වේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන