වසරේ මුල් කාර්තු තුන තුළ චීනයේ මූල්‍ය ආදායම 16.3% කින් ඉහළට
2021-10-23 15:36:10
Share with:

වසරේ මුල් කාර්තු තුන තුළ චීනයේ මූල්‍ය ආදායම 16.3% කින් ඉහළට_fororder_新闻-中国

මේ වසරේ මුල් කාර්තු තුන තුළ චීනයේ මූල්‍ය ආදායම පසුගිය වසරේ අදාළ කාල සීමාවට වඩා 16.3% කින් ඉහළ යයි.

චීන මුදල් අමාත්‍යාංශය ඊයේ(22) නිකුත් කළ දත්තවලට අනුව, මේ වසරේ මුල් කාර්තු තුන තුළ ජාතික පොදු මහජන අයවැය ආදායම යුවාන් ට්‍රිලියන 16.4 ඉක්මවා තිබෙන අතර එය පසුගිය වසරේ අදාළ කාල සීමාවට වඩා 16.3%ක වර්ධනයකි.

එමෙන්ම මුල් කාර්තු තුන තුළ ජාතික බදු ආදායම යුවාන් ට්‍රිලියන 14.07කින් වැඩි වූ අතර එය පසුගිය වසරට වඩා 18.4%ක වර්ධනයකි.

මේ වසරේ මුල් කාර්තු තුන තුළ රාජ්‍ය මූල්‍ය ආදායමේ ප්‍රතිසාධන වර්ධනය ස්ථාවර තත්වයක පැවතිණ. හදිසි නොවන සහ අත්‍යවශ්‍ය නොවන වියදම් අඛණ්ඩව අඩු වූ අතර අදාළ වැදගත් ක්ෂේත්‍රවල වියදම් ඵලදායි ලෙස සහතික කර ඇති බව මුදල් අමාත්‍යාංශ භාණ්ඩාගාර ගෙවීම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Liu Jinyun මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන