චීනයේ දේශීය තත්ත්වයට ගැලපෙන මානව හිමිකම් ප්‍රවර්ධන මාර්ගයට කියුබාව ඇතුළු රටවල් 62ක සහය
2021-10-22 16:53:05
Share with:

චීනයේ දේශීය තත්ත්වයට ගැලපෙන මානව හිමිකම් ප්‍රවර්ධන මාර්ගයට කියුබාව ඇතුළු රටවල් 62ක් සහය පළ කරයි.

එක්සත් ජාතීන්ගේ 76වැනි මහා සම්මේලනය මානව හිමිකම් පිළිබඳව ඊයේ (21) පැවැත්වූ සාකච්ඡාවකදී කියුබාව ඇතුළු රටවල් 62ක් එලෙස සහය පළ කර තිබේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව කටයුතු කළ යුතු බව කියුබානු නියෝජිතයා එහිදී දේශනයක් පවත්වමින් කියා සිටි‍යේ ය. මානව හිමිකම් ප්‍රශ්න දේශපාලනීකරණය කිරීමට සහ ද්විත්ව ප්‍රමිතීන්ට ගලපා ගැනීමට විරුද්ධ වන බවත්, මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට විරුද්ධ වන බවත්, එම නියෝජිතයා පැවසීය. ඉන් අනතුරුව සිරියාව ඇතුළු රටවල් 20ක පමණ නියෝජිතයෝ එම සාකච්ඡාවේදී අදහස් දැක්වූහ. ජනතාවගේ අවශ්‍යතා මූලික කරගෙන මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් චීනය දැරූ උත්සාහ එම රටවල ඇගයීමට ලක් විය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන