ප්‍රචණ්ඩත්වයෙහි ඇබ්බැහි වී සිටින ඇමරිකාව
2021-10-21 21:07:16
Share with:

ප්‍රචණ්ඩත්වයෙහි ඇබ්බැහි වී සිටින ඇමරිකාව_fororder_bd315c6034a85edfd1d6b5413fca442adc5475a5

ඇමරිකානු මහජන මන්ත්‍රී මණ්ඩලය පසුගිය මාසයේ 2022 මුල්‍ය වර්ෂයේ ජාතිකාරක්ෂක පනත සම්මත කර ඇත. ඒ අනුව පේන්ටගනයට ඇ.ඩො. බිලියන 770ක් සැපයීමට සැරසේ. ඉන් ඇ.ඩො. බිලියන 28ක් බලශක්ති දෙපාර්තමේන්තුවට අයත් න්‍යෂ්ටික අවි සැලැසුමට වෙන් කිරීමට නියමිතය. ඇමරිකාව ලෝකයේ විශාලතම හා දියුණුම න්‍යෂ්ටික අවි ගබඩාව ඇති රටයි. සිය ‘ත්‍රිත්ව න්‍යෂ්ටික බලය’ උත්ශ්‍රේණිගත කිරීමට තවත් විශාල මුදලක් වෙන් කිරීම, ලෝකය කණස්සල්ල හා සැකයට පත් වීමට හේතු වී ඇත.

මේ අතර ඇමරිකාව නව යුද උපාය යොදා ගැනීමේ ලකුණක් ද පෙනේ. ඇමරිකා-බ්‍රිතාන්‍ය-ඕස්ට්‍රේලියා ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක හවුල්කාරීත්වය ගොඩනගන බවත් න්‍යෂ්ටික සබ්මැරීන තාක්ෂණ බෙදා ගැනීම හා නිෂ්පාදනය පිළිබඳ ගිවිසුමට අත්සන් තබන බවත් එම රටවල් තුන ප්‍රකාශ කර ඇත. එම ගිවිසුම ක්‍රියාත්මක කළහොත්, ආසියා ශාන්තිකර කලාපයේ උපායමාර්ගික සමබරතාව කඩා වැටී එම කලාපයේ සීතල යුද චින්තනය යළි මතු වීම, හමුදාමය උපකරණ තරගය, න්‍යෂ්ටික ව්‍යාප්තිය ඇතුළු අවදානම් මතු විය හැකිය. ඊසානදිග ආසියාවේ සිට අග්නිදිග ආසියාව දක්වා සියළු රටවල් පාහේ එම රටවල් තුනේ නව සහයෝගතාව පිළිබඳව ආරක්ෂක කාංසාවට පාත්‍ර ව සිටියි.

ඇෆ්ගනිස්ථානයේ ඇති කළ උග්‍ර ප්‍රතිඵලයෙන් නිදහස් නොවී, දැනට හදිසියේම නව හමුදාමය කණ්ඩායම් සංවිධාන කිරීමෙහි නිරත වන ඇමරිකාව පිළිබඳව ලෝක වාසීන්ට දැන් පැහැදිලි අවබෝධයක් ඇත. එනම්, ඇමරිකාව ප්‍රචණ්ඩත්වයෙහි ඇබ්බැහිව සිටින බවයි. යුද්ධ තුළින් හිතා ගත නොහැකි තරම් ප්‍රතිලාභ දිනා ගැනීම එහි මූලික හේතුවය. එම ප්‍රතිලාභ, යළිත් ගෝලීය පරාසයක් තුළ නව යුද මෙහෙයුම් දියත් කිරීමට යොදා ගනිමින් සිය ආධිපත්‍ය පද්ධතිය සහතික කිරීමට ඇමරිකාව තැත් කරමින් සිටියි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන