චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය-චීන වෙළඳපොල ගවේෂණය කිරීමේ මනා අවස්ථාවක්
2021-10-21 14:28:35
Share with:

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය-චීන වෙළඳපොල ගවේෂණය කිරීමේ මනා අවස්ථාවක්_fororder_e3916a73d9a6ea26eec7f0346c2555b9

සිව් වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය එළඹෙන නොවැම්බර් මාසයේ මුල් කාලයේ චීනයේ ෂන්හයි නගරයේ පැවැත්වීමට නියමිතයි. මෙවර ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාව පෙර අවස්ථා තුන වගේම රටට ආඩම්බර වන සීලෝන් තේ, සුවිශේෂී ඇඳුම් පැළඳුම්, ආහාර, කොහු, රබර් නිෂ්පාදිත යනාදිය චීන පාරිභෝගිකයින්ට හඳුන්වා දීමට සූදානම් වෙනවා. මේ සඳහා ප්‍රදර්ශන පරිශ්‍රයේදී ‘ශ්‍රී ලංකා ආහාර හා කෘෂිකර්ම ප්‍රදර්ශන කලාපය’ වෙන් කර ඇති අතර ශ්‍රී ලංකාවේ සමාගම් 18ක් එහිදී සිය නිෂ්පාදිත ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කරනවා.    

චීන පාරිභෝගිකයින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතයන් කෙරේ දැඩි උනන්දුවක් දක්වනවා. මේ වගේ වැඩි ජනප්‍රියත්වයක් හිමි විදේශ භාණ්ඩ සඳහා චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සංවිධායකයින් ‘ජී-හබ් ජාත්‍යන්තර පොදු සේවාව’ නම් විශේෂ නිත්‍ය වෙළඳ වේදිකාවක් ද ස්ථාපිත කර තිබෙනවා. එහි ඇති ශ්‍රී ලංකා අත්දැකීම් මධ්‍යස්ථානයේ වර්ග මීටර් 76ක් සහිත අවකාශයක් තුළදී නිල් මැණික්, සීලෝන් තේ, තේ බඳුන් කට්ටල, අත්කම්, ගෘහස්ථ භාණ්ඩ ඇතුළු ශ්‍රී ලංකාවේ අනර්ඝ නිෂ්පාදිත භුක්ති විඳින්නටත් ‍තෝරා ගෙන මිලදී ගන්නටත් චීනයේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන පාරිභෝගිකයින්ට වසරක කාලයක් පුරාවට අවස්ථා සලසා දී තිබෙනවා.

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය-චීන වෙළඳපොල ගවේෂණය කිරීමේ මනා අවස්ථාවක්_fororder_1e30e924b899a9013107f074f97d14720308f5b0

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත චීන ජාතිකයින් හා ගෝලීය පරිභෝගිකයින්ට ප්‍රදර්ශනය කිරීම සඳහා චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඉතා වැදගත් වේදිකාවක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතා පවසනවා. වසර 2018ටේ එම ප්‍රදර්ශනය පැවති මුල් අවස්ථාවේ සිට මේ වසර දක්වා ශ්‍රී ලංකාව සෑම ප්‍රදර්ශනයකටම එක් ව තිබෙනවා. සෞඛ්‍යසම්පන්න ආහාර පිළිබඳ සංකල්පය චීනය පුරා එන්න එන්න ජනප්‍රිය වන බැවින් සාම්ප්‍රදායික නිෂ්පාදිත හැරුණු විට, ශ්‍රී ලංකාවේ කාබනික සහතික නිෂ්පාදිත චීන වෙළෙඳපොලට හඳුන්වා දීම සඳහා විශාල සැඟවුණු හැකියාවක් ඇති බව ද සුරේෂ් ද මෙල් මහතා හෙළි කර තිබෙනවා.

වසර 2020 ශ්‍රී ලංකාව චීනයට සිදු කළ අපනයන වටිනාකම ඇ.ඩො. මිලියන 223ක් වන අතර දිගු කාලයක් පුරා චීනය ශ්‍රී ලංකාවට වැදගත් වෙළඳපොලක් ලෙසට සැලකෙනවා. එහෙත් චීනය තුළ භාණ්ඩ බෙදා දීමේ මාර්ග සොයා ගැනීම, විචලනය වන පාරිභෝගිකයින්ගේ ඉල්ලුම, වෙළෙඳ භාණ්ඩ නාමකරණය හා ප්‍රවර්ධනය,  ශ්‍රී ලංකාව චීනයට සිදු කරන අපනයන පුළුල් කිරීමේ දී මුහුණ දෙන ගැටළු බව පෙන්වා දිය යුතුයි.

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය-චීන වෙළඳපොල ගවේෂණය කිරීමේ මනා අවස්ථාවක්_fororder_f2441d896e41299b67ed753ca5a907eb

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන