චීනය සම්පුර්ණයෙන්ම එක්සත් කිරීමේ ඓතිහාසික කර්තව්‍යය, සාක්‍ෂාත් කරගත යුතු මෙන්ම සාක්‍ෂාත් කර ගත හැකි ය!
2021-10-09 19:27:00
Share with:

චීනය සම්පුර්ණයෙන්ම එක්සත් කිරීමේ ඓතිහාසික කර්තව්‍යය, සාක්‍ෂාත් කරගත යුතු මෙන්ම  සාක්‍ෂාත් කර ගත හැකි ය!_fororder_《国际锐评》中国完全统一的历史任务一定要实现、一定能够实现!

"මාතෘ භූමිය සම්පුර්ණයෙන්ම එක්සත් කිරීමේ ඓතිහාසික කර්තව්‍යය ඉටු කළ යුතු අතර එය නිසැකවම ඉටු වනු ඇත!" අද( 9 ) පැවති සින්හයි විප්ලවයේ 110 වන සංවත්සරය සැමරීමේ උත්සවයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කථාවක් කරමින් මේ බව ප්‍රකාශ කළේය. ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම කෙරෙහි දැඩි අධිෂ්ඨානය පෙන්නුම් කළ එම කතාව මඟින් චීන ජාතියේ පොදු අභිලාෂයන් ප්‍රකාශ කර ති‍බේ. 

වසර 110 කට පෙර, සන් යාට්-සෙන් නියෝජනය කළ විප්ලවීය පුරෝගාමියන් 1911 විප්ලවය දියත් කළ අතර එමඟින් වසර දෙදහසකට වැඩි කාලයක් චීනය පාලනය කළ අත්තනෝමතික රාජාණ්ඩුව අවසන් කර ආසියාවේ පළමු ජනරජය පිහිටුවන ලදී.එම විප්ලවයේ පුරෝගාමීන්ගේ උරුමයේ අනුප්‍රාප්තිකයා වශයෙන්, චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමෙන් පසු, චීන ජනතාවට ජාතික නිදහස සහ විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට හේතු වූ අතර වේගවත් ආර්ථික සංවර්ධනයේ හා දිගුකාලීන ආශ්චර්යයක් ‍මෙන්ම ලෝකයේ දුර්ලභ කාලීන සමාජ ස්ථාවරභාවයක් නිර්මාණය කළේය. තායිවාන ගැටලුව විසඳීම සහ මාතෘ භූමිය සම්පුර්ණයෙන්ම එක්සත් කිරීම අවබෝධ කර ගැනීම චීන කොමියුනිස්ට් පක්ෂයේ නොසැලෙන ඓතිහාසික මෙහෙවර බවට පත්ව තිබේ.

ලෝකයේ ඇත්තේ එක් චීනයක් පමණක් වන අතර තායිවානය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසකි. එය ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු එකඟතාවයි. මෑතකදී ස්විට්සර්ලන්තයේ සූරිච් හිදී චීන ඇමරිකා ඉහළ පෙළේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී චීන පාර්ශ්වය පැහැදිලිවම ඇමරිකානු පාර්ශවයෙන් ඉල්ලා සිටියේ චීනයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීම සඳහා තායිවානය සම්බන්ධ ගැටළු භාවිතා කිරීම නතර කරන ලෙස වන අතර ඇමරිකාව එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරන බව ප්‍රකාශ කළේය .

චීනයේ සම්පුර්ණ එක්වීම ප්‍රධාන ඓතිහාසික ප්‍රවණතාවකි . නව යුගයේ චීන ජාතියේ මහත් ප්‍රබෝධය සඳහා වන අනිවාර්ය අවශ්‍යතාවයකි. චීනය සම්පුර්ණයෙන්ම එක්සත් කිරීමේ ඓතිහාසික කර්තව්‍යය සාක්‍ෂාත් කරගත යුතු හා සාක්‍ෂාත් කර ගත හැකි ය!. කිසිවෙකුට හෝ කිසිදු බලවේගයකට එය නැවැත්විය නොහැක!

ගුවන් විදුලිය
20240510සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන