1911 විප්ලවයේ 110වන සංවත්සරය උත්කර්ෂවත් ලෙස පැවැත්වේ
2021-10-09 10:56:35
Share with:

1911 විප්ලවයේ 110වන සංවත්සරය උත්කර්ෂවත් ලෙස පැවැත්වේ_fororder_333

1911 විප්ලවයේ 110වන සංවත්සරය සැමරීමේ උත්සවය චීනයේ උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.

1911 හේ විප්ලවයේ 110වන සංවත්සරය සැමරීමේ සම්මේලනය බෙයිජිංහි මහජන මහා ශාලාවේදී අද(9) පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම යුධ කමිටු සභාපති ෂී ජින්පිං මහතා එම සම්මේලනයට සහභාගි වී වැදගත් දේශනයක් සිදු කරයි.

1911 විප්ලවය චීන ජාතියේ මතවාදී විමුක්තිය බෙහෙවින් ප්‍රවර්ධනය කොට ප්‍රජාතන්ත්‍රවාය හා සමූහාණ්ඩුවාදය යන අදහස ව්‍යාප්ත කරමින් ආසියාවේ ප්‍රථම සමූහාණ්ඩුව චීනයේදී පිහිටුවා ගත් අතර චීන ජාතියේ පුනර්ජීවනය සාක්ෂාත් කිරීම සඳහා මාවත සොයා ගෙන තිබෙන බව ෂී ජන් පිං මහතා එහිදී පැවසීය.

වසර 110කට පෙර Sun Yat-sen මහතා ප්‍රමුඛ චීන විප්ලවවාදීන් විසින් මෙහෙයවන ලද 1911 විප්ලවයෙන් ඡිං රාජවංශයේ පාලනය පෙරලා දමා වසර දහස් ගණනාවක් පැවති රාජාණ්ඩු ක්‍රමය අවසන් විය. එතැන් සිට චීනයේ පෙර ‍නොවූ විරූ සමාජ විපර්යාසයක් ආරම්භ වී ඇත.

චීන ජාතික පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා වන ශක්තිමත් බලවේගය වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

Sun Yat-sen මහතා පුරෝගාමීත්වය දුන් 1911 විප්ලවයේ පක්ෂපාතී ම ආධාරකරුවන් හා හවුල්කරුවන් මෙන් ම ශක්තිමත් ම අනුගාමිකයන් වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් ය. චීන ජාතික පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීමට නම් චීන ජනතාව ඉදිරියට ගෙන යාමේ ප්‍රබල බලවේගයක් තිබිය යුතු බවත් එම බලවේගය වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය බවත් ගත වූ වසර 110ක ඉතිහාසය තුළින් පැහැදිලි වී ඇත. චීන ජාතික පුනර්ජීවනයට බාධා කරන ඕනෑම බැරෑරුම් අභියෝගයක් ජය ගැනීම සඳහා රටේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව සහ සංවර්ධන අයිතීන් ස්ථිරවම රැක ගත යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, නව ගමනේදී දේශප්‍රේමී හැඟීම් ප්‍රවර්ධනය කරමින් පුළුල් දේශප්‍රේමී එක්සත් පෙරමුණ අඛණ්ඩව තහවුරු කර ගත යුතු බවයි.

සෙසු රටවල් ආක්‍රමණය කර ආධිපත්‍යය පැතිරවීමට චීන ජාතියේ රුධිරයේ ජානයක් නොමැත. තම රට මනා ලෙස දියුණු කර ගැනීම මෙන් සෑම රටකම වෙසෙන ජනතාවට සතුටින් හා සාමයෙන් ජීවත් වීමට හැකි වීම චීන ජනතාවගේ බලාපොරොත්තුවය.

සාමකාමී ආකාරවලින් මාතෘ භූමිය එක්සත් කිරීම, තායිවාන ප්‍රදේශයේ වැසියන් ඇතුළු චීන ජාතියේ සමස්ත අවශ්‍යතා වලට අනුකූල වේ. මාතෘ භූමිය පාවා දී රට බෙදීමට තැත් කරන ඕනෑම අයෙකු ජනතාව විසින් හෙළා දකින අතර ඉතිහාසය විසින් විනිශ්චය කරනු ඇත. තායිවාන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර කිසිදු බාහිර ඇඟිලි ගැසීමකට ඉඩ නොදෙන බව, ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ ය.

1911 විප්ලවයේ 110වන සංවත්සරය උත්කර්ෂවත් ලෙස පැවැත්වේ_fororder_QQ图片20211009114916

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන