විශ්වාසවන්ත සහෝදරයෙක් වූ චීන කටු චිකිත්සක වෛද්‍යවරයා
2021-09-30 09:40:26
Share with:

විශ්වාසවන්ත සහෝදරයෙක් වූ චීන කටු චිකිත්සක වෛද්‍යවරයා_fororder_1

කටු චිකිත්සාවෙන් විවිධ රෝගවලට ප්‍රතිකාර කරමින් ඔහු රෝගීන්ගේ හදවතේ ඇති සැකය හා කනස්සල්ලට එරෙහිව රෝගීන්ට ඉවසිලිවන්ත බව ඒත්තු ගන්වයි. රැකියාවෙන් පිටතදී ඔහු සෑම කෙනෙකුම සතුටු කිරීමේ "විශ්වාසවන්ත සහෝදරයෙක්" වෙයි. ඔහු චීනයේ ෂන්සි පළාතේ කටු චිකිත්සා රෝහලේ පළමු මස්තිෂ්ක අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය වං වේ ෆං මහතා ය.

අධ්‍යක්ෂ වං වේ ෆං මහතා මස්තිෂ්ක වාහිනී රෝග, නින්ද නොයාම, හිසරදය යනාදිය සඳහා කටු චිකිත්සාව සහ චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව ඒකාබද්ධ කොට ප්‍රතිකාර කිරීමට ඉතා දක්ෂයි. ඔහු චීන විශේෂ ඖෂධ වට්ටෝරු නිර්මාණය කොට කටු චිකිත්සාව සඳහා විශේෂ ප්‍රතිකාර ක්‍රම වැඩි දියුණු කර තිබේ. එයින් මස්තිෂ්ක වාහිනී රෝග සඳහා මුල් කාලීන ප්‍රතිකාර හා ප්‍රතිසාධන කාලය තුළ යහපත් ප්‍රතිඵල ලබා ගත හැකිය.

විශ්වාසවන්ත සහෝදරයෙක් වූ චීන කටු චිකිත්සක වෛද්‍යවරයා_fororder_3

ඊ‍ට අමතරව, වං වේ ෆං මහතා මස්තිෂ්ක වාහිනී රෝග වැළැක්වීම ප්‍රචාර කිරීමේ කටයුතුවල සක්‍රියව නිරත වේ. ඔහු බො‍හෝ විට ප්‍රජාව තුළ මස්තිෂ්ක වාහිනී රෝග අවදානම වැළැක්වීම හා ප්‍රතිකාර කිරීම පිළිබඳව දේශන පවත්වා තිබේ. ඒ අතරම දුප්පත් කඳුකර ප්‍රදේශවලට ගොස් එහි වැසියන්ට නොමිලේ කටු චිකිත්සක ප්‍රතිකාර ලබා දෙයි.

විශ්වාසවන්ත සහෝදරයෙක් වූ චීන කටු චිකිත්සක වෛද්‍යවරයා_fororder_2

වං වේ ෆං මහතාගේ සුපිරි කටු චිකිත්සක හැකියාව, අධ්‍යයනය සඳහා ජාත්‍යන්තර වෛද්‍ය සිසුන් ආකර්ෂණය කොට තිබේ. සිසුන්ගේ වෛද්‍ය අධ්‍යයන පදනම් සහ සංස්කෘතික පසුබිමට ගැලපෙන අයුරින්, ඔහු සරල හා පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයෙන්  සිසුන්ට පැහැදිලි කරයි. එමගින් කටු චිකිත්සාවේ ඇති ඵලදායිතාවය අවබෝධ කර ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබී තිබේ.

විශ්වාසවන්ත සහෝදරයෙක් වූ චීන කටු චිකිත්සක වෛද්‍යවරයා_fororder_4

විශ්වාසවන්ත සහෝදරයෙක් වූ චීන කටු චිකිත්සක වෛද්‍යවරයා_fororder_5

 

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන