වසංගතය හමුවේ වුවද ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සහයෝගිතාව
2021-09-26 14:55:18
Share with:

වසංගතය හමුවේ වුවද ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සහයෝගිතාව_fororder_ae0d76388f9dd04aeeb39d0c511cc3ad

හම්බන්තොට වරාය චීනයේ ෂ්‍යාමෙන් කිංලොං වාහන නිෂ්පාදන සමාගම සමග අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තැබුවා. චීනයේ ෆූජියන් පළාතේ පිහිටි කිංලොං වාහන නිෂ්පාදන කණ්ඩායමේ කාර්යාලයේ පැවති අදාල ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයට චීනයේ  ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා එක් වුණා. චීනයේ උසස් තත්වයේ නිෂ්පාදන පහසුකම් ශ්‍රී ලංකාවේ ද ගොඩනැගීම පිළි ගන්නා බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා. හම්බන්තොට ජාත්‍යන්තර වරාය කණ්ඩායමේ කාර්මික කලාපයේ සිට ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කිරීමට ඔහු කිංලොං වාහන නිෂ්පාදන කණ්ඩායමට නිර්දේශ කර තිබෙනවා.

කිංලොං සමාගමේ උප ප්‍රධානී චාං බින් මහතා කියා සිටියේ හම්බන්තොට වරායේ දැවැන්ත සැඟ වුණු වර්ධන හැකියාව, තම සමාගම දකුණු ආසියාව හා අග්නිදිග ආසියාවේ වෙළෙඳපොලට ළඟා වීමට ප්‍රවේශයක් සලසා දිය හැකි වෙතැයි අපේක්ෂා කරන බවයි.

හම්බන්තොට වරාය ජාත්‍යන්තරකරණය කෙරෙමින් පවතිනවා. ප්‍රාණවත් ජාත්‍යන්තර ආයෝජකයින් ආකර්ෂණය කිරීම එහි ඉලක්කයක් වී තිබෙනවා.  එම කලාපය තුළදී ශ්‍රී ලංකාව හා චීනය අතර පවත්නා සහයෝගිතාව, දෙරට එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීමට ගන්නා ප්‍රයත්නයක් ලෙස සැලකෙනවා.

චීනය විසින් ඉදිරිපත් කරන ලද එම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ ‘සෞභාග්‍යයේ දැක්ම’ සමග සම්බන්ධීකරණය කිරීම, දැනට දෙරටේ රජයන්ගේ ප්‍රධාන ක්‍රියාකාරී තේමාවක් වී තිබෙනවා. වසංගතය හමුවේ වුවද වසංගත පාලන සහයෝගිතාව, ද්විපාර්ශ්වික වෙළඳාම හා ආයෝජනය පුළුල් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් දෙරට අතර අඛණ්ඩව හුවමාරු පවත්වා ගෙන යමින් පවතිනවා.

මේ අතර චීනයට ගුණාත්මක නිෂ්පාදිත අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට අනුබල දීමට චීනය කැමැත්තෙන් සිටිනවා. චීන වෙළෙඳපොල වැදගත් කොට සලකන බවත් සිය ඇඟලුම් නිෂ්පාදිත විශේෂ කලාපයේ ආයෝජනය කිරීම සඳහා චීන ව්‍යාපාරවලට පහසුකම් සලසා දෙනු ඇති බවත් ශ්‍රී ලංකාව ප්‍රකාශ කර තිබෙනවා.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන