චීන ජනාධිපති 76වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පොදු විවාදය අමතමින් සාමකාමී හා දියුණු ලෝකයක් වෙනස් ශිෂ්ඨාචාරයන් සමග ඉදිරියට යා යුතු බව පවසයි
2021-09-22 10:48:38
Share with:

චීන ජනාධිපති 76වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පොදු විවාදය අමතමින් සාමකාමී හා දියුණු ලෝකයක් වෙනස් ශිෂ්ඨාචාරයන් සමග ඉදිරියට යා යුතු බව පවසයි_fororder_QQ图片20210922104455

ෂී ජින් පිං මහතා ඊයේ(21) බෙයිජිං හිදී විඩි‍යෝ ආකාරයෙන්, 76වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පොදු විවාදයට එක් විය.  එහිදී හෙතෙම“විශ්වාසය ශක්තිමත් කිරීම, වත්මන් දුෂ්කරතා එක්ව ජය ගැනීම, වඩාත් යහපත් ලෝකයක් එක්ව ගොඩ නැගීම”යන තේමාවෙන් වැදගත් දේශනයක් ක‍ළේ ය.

ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ, සාමකාමී හා දියුණු  ලෝකයක් වෙනස් ශිෂ්ඨාචාරයන් සමග ඉදිරියට යා යුතු බවයි.  ප්‍රජාතන්ත්‍රවාදය කිසිදු රටක පේටන්ට් බලපත්‍රයක් නොවන අතර, එය සෑම රටකම ජනතාවගේ අයිතිවාසිකමකි.

සංවර්ධනය වෙමින් පවතින රටවල හරිත හා අඩු කාබන් සංවර්ධනයට චීනය දැඩි ලෙස සහයෝගය දෙනු ඇති බවත්, විදේශීය ගල් අඟුරු බලාගාර නව ව්‍යාපෘති තවදුරටත් ඉදිනොකරනු ඇති බවත්, හෙතෙම පැවසීය.

එක් රටක සාර්ථකත්වය යන්නෙන් අදහස් කෙරන්නේ වෙනත් රටක අසාර්ථකත්වය නොවේ. මෙම ලෝකයට සියළුම රටවල පොදු වර්ධනය හා ප්‍රගතිය මුළුමනින්ම දරා සිටිය හැකි ය.

අප අන්‍යෝන්‍ය ගෞරවය, සාධාරණත්වය, යුක්තිය, සහයෝගය හා පොදු ජයග්‍රහණයන් ගෙන් යුත් නව ආකාරයේ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනඟා ගත යුතු බව, ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය ‍කළේ ය.

සාමය සහ සමගිය චීන ජාතියේ උරුමය සහ ලුහුබැඳීම බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. චීනය කිසි විටෙකත් ආක්‍රමණය කිරීම, හිරිහැර කිරීම හෝ රජෙකු ලෙස අන් අය පාලනය නොකරයි. සැමවිටම ලෝක සාමය ගොඩනගන්නෙක්, ගෝලීය සංවර්ධනයේ හවුල්කරුවෙක්, ජාත්‍යන්තර පටිපාටියේ ආරක්ෂකයෙක් මෙන්ම  පොදු භාණ්ඩ සැපයුම්කරුවෙකු වන චීනය සිය නව දියුණුවත් සමඟම ලෝකයට නව අවස්ථා අඛණ්ඩව ලබා දෙනු ඇත.

චීන ජනාධිපතිවරයා එම දේශනයෙදී ගෝලීය සංවර්ධන වැඩපිළිවෙලක් ඉදිරිපත් කළේය. ගෝලීය තර්ජන හා අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීමට අත්වැල් බැඳගෙන, මානව වර්ගයාගේ පොදු ඉරණම සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කළ යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන