බ්‍රිතාන්‍යය එරට කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරයි
2021-09-18 16:32:05
Share with:

බ්‍රිතාන්‍යය එරට කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරයි_fororder_UK

බ්‍රිතාන්‍යය එරට කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කර තිබේ .එය ලබන බදාදා සිට ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාව ඇතුඵ, රටවල් 08 ක් රතු ලැයිස්තුවෙන් ඉවත්කර ඇති බව එරට ප්‍රවාහන ලේකම්වරයා විසින් නිවේදනය කර තිබේ. බංග්ලාදේශය, පකිස්ථානය, තුර්කිය, ඊජිප්තුව, මාලදිවයින, ඕමානය සහ කෙන්යාව ද ඒ අතර වෙයි. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුඵ, එම ලැයිස්තුවෙන් ඉවත් කළ  රටවලින් බ්‍රිතාන්‍යයට පැමිණෙන පුද්ගලයින් සදහා පී සී ආර් පරීක්ෂණ හෝ නිරෝධානය අවශ්‍ය නොවේ. එහෙත් පුර්ණ එන්නත්කරණයට ලක්ව සිටිය යුතුය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන