ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා පිටත්ව යයි
2021-09-18 16:32:47
Share with:

ජනාධිපතිවරයා  එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා පිටත්ව යයි_fororder_Gotabaya-Rajapaksa-01

ඇමරිකාවේ  නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටත්ව යයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී රාජ්‍ය නායක සමුළුව  අමතන පළමු අවස්ථාව මෙය වේ.

22 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිත අතර සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා, රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන