චීන ජනපතිවරයාගෙන් ඇෆ්ගනිස්ථානය සම්බන්ධ යෝජනා 3 ක්
2021-09-18 14:50:33
Share with:

චීන ජනපතිවරයාගෙන් ඇෆ්ගනිස්ථානය සම්බන්ධ යෝජනා 3 ක්_fororder_习近平就阿富汗问题提出3点意见建议

චීන ජනපති ෂී ජින් පිං මහතා ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් යෝජනා 3 ක් ඉදිරිපත් කරයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  ඊයේ ( 17) බෙයිජිංහි සිට ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සහ සාමූහික ආරක්‍ෂක ගිවිසුම් සංවිධානයේ නායකයින් අතර ඇෆ්ගනිස්ථානය පිළිබඳ ඒකාබද්ධ සමුළුවට  වී‍ඩියෝ තක්ෂණය ඔස්සේ එක් විය.

එම අවස්ථාවේදී ෂී ජින් පිං මහතා ඇෆ්ගනිස්ථානය ගැන යෝජනා 3  ඉදිරිපත් කළේය.

හැකි ඉක්මනින් ඇෆ්ගනිස්ථානයේ  සුමට සංක්‍රාන්තිය ප්‍රවර්‍ධනය කර එරට සියලුම පාර්ශවයන්ට සංවාදය සහ සාකච්ඡා මාර්ගයෙන් ඉක්මනින්ම සහභාගීත්ව දේශපාලන විධිවිධාන ලබා ගැනීමට සහාය වීම, ලෝකයේ අනෙකුත් රටවල් ඇෆ්ගනිස්ථානය සමඟ සාකච්ඡා පවත්වා විශේෂයෙන්ම අසල්වැසි රටවල් සමඟ ඇෆ්ගනිස්ථානයේ මිත්‍රශීලී සහජීවනය මඟ පෙන්ව‍මින් ප්‍රවර්‍ධනය කිරීම සහ ඇෆ්ගන් ජනතාවට දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාර කර කාලෝචිතව ඇෆ්ගනිස්ථානයට මානුෂීය සහ වසංගත විරෝධී සහයෝගය ලබා දීම, එම යෝජනා තුනයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන