චීනයේ දකුණු මුහුද ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධ ඇමරිකානු හා ඕස්ට්‍රේලියානු නිවේදනයට චීනයේ විරෝධය
2021-09-18 14:02:37
Share with:

චීනයේ දකුණු මුහුද ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධ ඇමරිකානු හා ඕස්ට්‍රේලියානු නිවේදනයට චීනයේ විරෝධය_fororder_src=http___wx1.sinaimg.cn_crop.0.23.800.444_007Kss1jly1gdwz2itwbcj30m80dnn3r&refer=http___wx1.sinaimg

චීනයේ දකුණු මුහුද ඇතුළු කරුණු ගණනාවකට සම්බන්ධ ඇමරිකා ඕස්ට්‍රේලියා විදේශ ඇමතිවරුන් සහ ආරක්ෂක ඇමතිවරුන් ගේ රැස්වීමේ ඒකාබද්ධ නිවේදනය චීන විදේශ අමාත්‍යාංශයේ  දැඩි විරෝධයට ලක්  වෙයි.

තමන්ගේම භූදේශපාලනික ආත්මාර්ථකාමී අවශ්‍යතා සඳහා ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව හිතාමතාම චීනය අපකීර්තියට පත් කරමින්, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසා කලාපීය රටවල් අතර සබඳතා අවුලුවා ‍ගෙන තිබේ. චීනය මේ පිළිබඳව දැඩි අතෘප්තිය සහ දැඩි විරෝධය ප්‍රකාශ කරන බව යි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චෞ ලි චියැන් මහතා ඊයේ(17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

ආසියා හා ශාන්තිකර කලාපයේ ආර්ථික වර්ධනයේ ප්‍රධාන එන්ජිම පමණක් නොව කලාපීය සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ දැඩි ආරක්ෂකයා ද චීනය බව කරුණු සනාථ කර ඇතැයි චෞ ලි චියැන් මහතා පැවසීය. චීනයේ සංවර්ධනය නම් ලෝකයේ සාම සාධක බලවේගයේ වර්ධනය මෙන්ම කලාපයේ සෞභාග්‍යය හා සංවර්ධනයේ ශුභාරංචියැයි හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන