එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්ථාන සහනාධාර මෙහෙයුම දීර්ඝ කරයි
2021-09-18 10:57:54
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්ථාන සහනාධාර මෙහෙයුම දීර්ඝ කරයි_fororder_联合国

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ සිදු කරන සහනාධාර මෙහෙයුම දීර්ඝ කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කරයි.

UNAMA මෙහෙවර එනම් එක්සත් ජාතීන්ගේ ඇෆ්ගනිස්ථාන සහන මෙහෙවර යටතේ එරට සිදු කර ඇති සහනාධාර මෙහෙයුම දීර්ඝ කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලය ඊයේ(17) ඡන්ද 15කින් යුක්තව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒකමතික අනුමැතිය ලබා දුන්නේ ය. අඛණ්ඩ ලෙස, සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම, මානුෂවාදී සහනාධාර සම්බන්ධීකරණය, කාන්තා අයිතිවාසිකම් සහතික කිරීම සඳහා එම තීරණය මගින් UNAMA මෙහෙවරට පවරා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන උප නිත්‍ය නියෝජිත Dai Bing මහතා ඡන්ද ප්‍රකාශ කිරීමෙන් පසු පැවසුවේ එම තීරණය සම්මත කරනු ලැබීම චීනය පිළි ගන්නා බවයි. පාඩම් ඉගෙන ගෙන, ඇෆ්ගනිස්ථාන පුනරුත්ථාපනයේ ප්‍රධාන වගකීම් භාර ගනිමින්, එරටට ආර්ථික, සමාජ හා මානුෂවාදී සහනාධාර සපයන්නැයි චීනය අදාළ රටවලින් ඉල්ලා තිබෙන බව ද ඔහු කියා සිටියේ ය.

UNAMA මෙහෙවර ඇෆ්ගනිස්ථානයේ අඛණ්ඩ ව මෙහෙයුම් සිදු කිරීම එරටේ වත්මන් තත්ත්වය ස්ථාවර කර ගැනීමට මෙන් ම එරටට මානුෂවාදී සහනාධාර ලබා දීමට ද අතිශයින් වැදගත් බව විවිධ රටවල නියෝජිතයෝ ඡන්ද ප්‍රකාශ කිරීමෙන් පසුව පැවසූහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන