චීන විදේශ ඇමතිවරයා සිදු කළ අසල්වැසි රටවල සංචාරයේ දී සාර්ථක ප්‍රතිඵල
2021-09-16 20:50:25
Share with:

චීන විදේශ අමාත්‍යං වං යී මහතා වියට්නාමය,කාම්බෝජය හා සිංගප්පූරුව ඇතුළු අසල්වැසි රටවල් 4‍ක නිල සංචාර  ඊයේ (15)  අවසන් කළේ ය. මෑත වසරවල ඇමරිකාව සිය උපාය මාර්ගික අවධානය ආසියා-පැසිෆික් කලාපයට යොමු කර තිබේ. එම කලාපයේ චීන බලපෑම් සීමා කිරීම එහි ප්‍රධාන අරමුණකි.මෙම පසුබිම යටතේ, චීන විදේශ ඇමතිවරයා අග්නිදිග ආසියානු රටවල් තුනක සංචාරය කිරීම බොහෝ බටහිර මාධ්‍යයන් විසින් චීනය සහ ඇමරිකාව අතර භූදේශපාලනික තරගයක් ලෙස අර්ථකථනය කරන ලදි.

මේ වසරේ චීනය සහ ආසියාන් සංවිධානය අතර සංවාද සම්බන්ධතාව ස්ථාපිත කිරීමේ 30වැනි සංවත්සරය යෙදී ඇත. කොවිඩ් වසංගතය මතු වීමෙන් පසු දෙපාර්ශ්වය එකිනෙකාට සහය වෙමින් වසංගත පාලනයට එක්ව සිටී.මේ වන විට චීනය ආසියාන් රටවලට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා කෝටි 10කට වැඩි ප්‍රමාණයක් ලබා දී තිබේ. වසංගතය හමුවේ වුවද චීනය හා ආසියාන් රටවල් අතර පෙර සේ ම පවතින්නේ විශාල ආර්ථික සහයෝගිතාවකි.මේ වසරේ මුල් මාස 8 තුළ චීනය හා ආසියාන් රටවල් අතර වෙළඳාම 22.8%කින් වර්ධනය වී ඇත. ආසියාන් සංවිධානය චීනයේ පළමු විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත් ව සිටි‍න්නේ ඒ සමගිනි.

චීන විදේශ අමාත්‍යවරයාගේ මෙවර සංචාර තුළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ වඩාත් ඉදිරියට ගෙන යමින් කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරී සම්බන්ධතා පිළිබඳ ගිවිසුම ක්‍රියාවට නංවාලීම වෙනුවෙන් දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ තිබේ. දකුණු චීන මුහුද වැනි සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් දෙපාර්ශ්වය කියා සිටින්නේ දකුණු චීන මුහුද පිළිබඳ නීති සංග්‍රහය සම්බන්ධයෙන් කඩිනමින් සාකච්ඡා පවත්වන බවයි. ලබන වසරේ කාම්බෝජය ආසියාන් සංවිධානයේ වාරික සභාපතිත්වය දරන කාලයේ ආසියාන් රටවල් සමග එක්ව එම නීති සංග්‍රහය පිළිබඳ සාකච්ඡා නිම කිරීමට බලාපොරොත්තු වන බව චීනය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන