ඇෆ්ගනිස්ථානයට අඛණ්ඩව සහාය දක්වන ලෙස ඇෆ්ගන් තලේබන් සංවිධානය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි
2021-09-15 11:05:47
Share with:

ඇෆ්ගනිස්ථානයට අඛණ්ඩව සහාය දක්වන ලෙස ඇෆ්ගන් තලේබන් සංවිධානය ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි.

මානුෂවාදී සහනාධාර දේශපාලන ප්‍රශ්නයට සම්බන්ධ නොකළ යුතු බව ද ඇෆ්ගන් ‍තලේබන් තාවකාලික රජයේ වැඩබලන විදේශ අමාත්‍ය Amir Khan Muttaqi මහතා ඊයේ (14) කාබුල්හි පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.‍

ජගත් ප්‍රජාව ඇෆ්ගනිස්ථානයට ලබා දුන් සහයට තුති පළ කළ ඔහු, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව, සරණාගතයින් හා නියං විපත් ආපදා කටයුතු සම්බන්ධයෙන් රටට අඛණ්ඩව අනුබල දක්වන ලෙස ද ජගත්‍ ප්‍රජාවෙන් ඉල්ලා ඇත.

රටෙන් බැහැරව ගිය විදේශ ආධාරකරුවන් ඇෆ්ගනිස්ථානයට ආපසු පැමිණෙන බවට බලාපොරොත්තු පළ කරමින් ඔහු ‘ඇෆ්ගනිස්ථානය දැන් සටන් හා ගැටුම් රහිත රටක්’ බව සඳහන් කළේය. සියළු විදේශීය ආධාරකරුවන්ගේ ආරක්ෂාව සහතික කරන බවට ද ඔහු පොරොන්දු විය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන