එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී චීන නියෝජිතයා ඇමරිකාවේ බරපතල මානව හිමිකම් ගැටලු පෙන්වා දෙයි
2021-09-15 10:06:25
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී චීන නියෝජිතයා ඇමරිකාවේ බරපතල මානව හිමිකම් ගැටලු පෙන්වා දෙයි_fororder_2021-08-15 1

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී චීන නියෝජිතයා ඇමරිකාවේ බරපතල මානව හිමිකම් ගැටලු පෙන්වා දෙයි.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත කණ්ඩායමේ සාමාජික Jiang Rui මහතා ඊයේ (14) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සම්මේලනය සහ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරුන් අතර සංවාදයේදී රටවල් කණ්ඩායමක් වෙනුවෙන් ඒකාබද්ධ කථාවක් කරමින් මේ බව පැවසීය.

ඇමරිකාව සිය ජනතාවගේ ජීවිත සහ සෞඛ්‍ය අයිතිය නොසලකා හරින අතර, ලෝකයේ දියුණුම වෛද්‍ය උපකරණ සහ තාක්‍ෂණයන් ඇතත් ලොව වැඩිම කොරොනා වෛරස් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් සිදු වන රට බවට එය පත් වී ඇතැයි එම ඒකාබද්ධ කථාව පෙන්වා දෙයි. ඇමරිකානු රජය වසංගතයට එරෙහිව උපරිම උත්සාහය යොදා සටන් නොකරන අතර, ඒ වෙනුවට වෛරස් මූලාරම්භය සෙවීම දේශපාලනික වශයෙන් හසුරුවා ගැනීමට උනන්දු වෙමින් වසංගතය මර්දනය කිරීමට අසමත් වීමේ වගකීම වෙනත් රටවලට පැවරීමට උත්සාහ කරමින් සිටියි.

පද්ධතිමය වර්ගවාදය සහ වාර්ගික වෙනස්කම් කිරීම ඇමරිකාව තුළ බොහෝ කලක සිට පැවති අතර, අප්‍රිකානු සම්භවයක් සහිත ඇමරිකානුවන්, ආසියානු සම්භවයක් සහිත ඇමරිකානුවන් සහ මුස්ලිම්වරුන් වැනි සුළු ජාතීන් අඛණ්ඩව වෙනස්කම් කිරීම් හා හානි වලට ගොදුරු වෙමින් සිටින බව ඒකාබද්ධ කථාව සඳහන් කරයි. එමෙන්ම ඇමරිකාව විසින් දියත් කරන ලද යුද්ධය හේතුවෙන් විශාල ලෙස සෙසු රටවල සිවිල් වැසියන්ට ජීවිත හානි හා අවතැන් වීම් සිදු වූ බව එම ඒකාබද්ධ කථාවේ සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන