චීන 2021-2025 ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම නිකුත් කෙරේ
2021-09-14 19:23:48
Share with:

චීන 2021-2025 ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම නිකුත් කෙරේ_fororder_国新办

චීන 2021-2025 ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම මෑතකදී  නිකුත් කෙරිණ.

මෙම ක්‍රියාකාරී සැලැස්ම චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය සහ චීන විදේශ අමාත්‍යංශය විසින් සංස්කරණය කරන ලදි.

2021 වසරේ සිට 2025 වසර දක්වා, මානව හිමිකම්වලට ගරු කිරීම, ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ අදියරෙන් අදියර අරමුණු සහ මෙහෙයුම්, මෙම ක්‍රියාකාරී සැලැස්මෙන් නියම කර ඇත.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද(14) අදාළ පුද්ගලයින්ට සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ආරාධනා කර, මෙම ක්‍රියාකාරී සැලැස්මේ හ ප්‍රධාන අන්තර්ගතය අර්ථ නිරූපණය කළ අතර, වාර්තාකරුවන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ ය.  

මෙම ක්‍රියාකාරී සැලැස්ම සංස්කරණ හා ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ, සියලු මිනිසුන්ගේ නිදහස්, පූර්ණ හා පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, මානව හිමිකම් වර්ධනය කිරීමේ පළමු අරමුණ ලෙසට සැලකීමයි.

ජනතාවගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතීන් සම්පූර්ණයෙන් සහතික කෙරන අතර, මිනිසුන්ගේ පූර්ණ සංවර්ධනය සඳහා වඩාත් හිතකර ආර්ථික, සමාජීය හා සංස්කෘතික කොන්දේසි නිර්මාණය කළ යුතු ය.

සිවිල් අයිතිවාසිකම් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රයෝගික ව සහතික කෙරෙන අතර, මිනිසුන්ගේ පූර්ණ සංවර්ධනය සඳහා වඩාත් බලවත් ප්‍රජාතන්ත්‍රවාදී සහ නීති පදනමක් සැපයිය යුතු ය.

සියලු මානව වර්ගයන් සහ අනාගත පරම්පරාවන් අතර සංවර්ධනය බෙදා ගැනීමේ තිරසර කොන්දේසි නිර්මාණය කිරීම සඳහා, ස්වභාවයට ගරු කිරීම, අනුගමනය කිරීම හා ආරක්ෂා කිරීමෙන්, මිනිසුන් සහ ස්වභාවය අතර සුසංයෝගී සහජීවනය ප්‍රවර්ධනය කළ යුතු ය.

නිශ්චිත කණ්ඩායම් වල අයිතිවාසිකම් සඳහා සමාන ආරක්ෂාව සහ විශේෂ ආධාර ශක්තිමත් කිරීමෙන්, සියල්ලන්ටම සමාන සංවර්ධන ප්‍රතිඵල බෙදා දීම ප්‍රවර්ධනය කළ යුතු ය.

මානව හිමිකම් අධ්‍යාපනය, පර්යේෂණ, පුහුණුව සහ දැනුම ව්‍යාප්තිය පුළුල් ලෙස සිදු කිරීමෙන්, මුළු සමාජයම මානව හිමිකම්වලට ගරු කරන සහ ආරක්ෂා කරන සංස්කෘතික වාතාවරණයක් නිර්මාණය කළ යුතු ය.

ගෝලීය මානව හිමිකම් පාලනයට සක්‍රීයව සහභාගීවීම සිදු කෙරෙන අතර, පොදු මානව ඉරණමක් සහිත ප්‍රජාව එක්ව ගොඩනැගීම යන අරමුණු සහ මෙහෙයුම් ද ඊට අයත් වෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන